සමගි ජනබලවේගයේ රත්නපුර දිස්ත්‍රික්කයේ අපේක්ෂක ලැයිස්තුවට තමාව ඇතුළත් කරන බව පවසමින් හේෂා විතානගේ මහතා පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාව මෙන්ම තමාවද රවටා ඇති බව රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය පවසයි.
ඇය සඳහන් කළේ තමා අපේක්ෂක ලැයිස්තුවෙන් කැමැත්තෙන් ඉවත් වන බව පවසා හේෂා විතානගේ මහතා සජිත් ප්‍රේමදාස මහතාට ඊයේ රාත්‍රියේ දුරකථන ඇමතුමක් ලබා දී ඇති බවය.
කෙසේවෙතත්, ඊයේ රත්‍රියේදී හේෂා විතානගේ මහතා අද උදෑසන නාම යොජනා අත්සන් තැබීම සඳහා පැමිණෙන ලෙස දුරකථන ඇමතුමක් හරහා දැනුම් දුන් බවත් දමිතා අබේරත්න මහත්මිය මෙහිදී පවසා සිටියේය.
මෙලෙස තමාගේ නම රත්නපුර නාමයෝජනා ලැයිස්තුවෙන් ඉවත් කිරීම හේතුවෙන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් කඩවී ඇති බවද ඇය මෙහිදී සඳහන් කලාය.
“හේෂා විතානගේ සහෝදරයා මගෙන් ඉල්ලීමක් කළා දමිතා අක්කේ ඇයි ඔයා රත්නපුරයෙන් ඉල්ලන්නේ නැත්තේ. මම කොහෙන්හරි ඉල්ලනවද කියලවත් හිතලා තිබුණේ නැහැ. මට කිව්වා… නෑ අක්කේ මං ඔයාව මෙහෙන් දාන්නම්, මෙහෙ කාන්තා නියෝජනයක් නැහැ කියලා. මං කිව්වා මල්ලි යෝජනා කරනවනම් මම එන්නම් කියලා. ඒ විදියට තමයි මගේ නම ආවේ. ඒක නෑ කියනවනන් මගේ ලග සාක්ෂි තියෙනවා. ඊයේ මට ආරංචියක් ආව මගේ නම නෑ කියලා. මගේ නම වෙනස් කරා කියලා. මං මේ සාක්ෂි ඇතුව කථා කරන්නේ. මේ සාක්ෂි සියල්ල මාධ්‍ය ඉදිරියේ පෙන්වන්න ලෑස්තියි.
මං දන්නෑ හේෂා මේ වගේ පහත් තැනකට වැටුණේ ඇයි කියලා. මාව යෝජනා කරපු කෙනාම මාගේ කකුලෙන් අදින්න පටන්ගත්තා. අධිකරණ ක්‍රියාමාර්ගයකට මම යනවා. මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් පැහැදිලිවම සිදුවෙලා තියෙනවා”.