තමන් බලයට පත්වූ පසු රටේ හොරුන් අල්ලන බවට ප්රකාශ කරමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් ලිපි ගොනු පෙන්වා සිදුකර ඇත්තේ රංගනයක් බවත් එම ලිපි ගොනු බොහෝ ප්රමාණයක් හිස් ඒවා බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා කියයි.
නීතීඥවරු පිරිසක් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති හමුවකදියි ජනාධිපතිවරයා මේ බව කියා ඇතැයි වාර්තා වේ.
අනුර කුමාර ෆයිල් 400ක් පෙන්වා හොරු අල්ලන බව කී නමුත් එම ෆයිල් 400න් 40කට නඩු පැවරූ බවත් ඉතුරු ලිපි ගොනු 360ක් හිස් බවයි ජනාධිපතිවරයා එහිදී පවසා ඇත්තේ.
ජනාධිපතිවරයා එහිදි අදහස් දක්වමින් අනුර කුමාරට ලිපි ගොනු 400ක් පෙන්වීමට වඩා කළ යුතු වන්නේ ලිපිගොනු 40ක් පෙන්වීම බව පවසා තිබේ.
තමන් දූෂණ විරෝධි පනත ක්රියාත්මක කිරීමට සූදානම් බවත් පනත ක්රියාත්මක කිරීමට යාන්ත්රණයක් තමන් යෝජනා කරන බවත්, ජනාධිපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් එහිදී කියා ඇත.
මූලාශ්රය – මොනරා