පුවත්

හොරෙන් මාළු ඇල්ලූ ඉන්දීය ධීවරයන් 22ක් අල්ලයි

Published

on

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී ධීවර කටයුතු වල නිරත වෙමින් සිටි ඉන්දීය ධීවරයන් 22 දෙදෙනෙකු යාපනය, ඩෙල්ෆ්ට් දුපතට වයඹ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

ඊයේ ( 21) රාත්‍රියේ, මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරන ඉන්දීය ධීවරයින් පලවා හැරීමේ මෙහෙයුමක නිරත වූ නාවික හමුදා සාමාජිකයන් විසින් මෙම පිරිස් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ සමගම ඔවුන් ගමන් කරමින් සිටි ධීවර යාත්‍රා හතරක් ද නාවික හමුදා භාරයට ගෙන තිබේ.

මෙසේ සිය භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රා හතර සහ එහි සිටි ඉන්දීය ධීවරයින් 22 කන්කසන්තුරේ වරාය වෙත රැගෙනවිත් ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇතැයි නාවික හමුදව පවසයි.

(ඡායාරූපය : navy.lk)

Trending

Exit mobile version