හික්කඩුව ජාතික උද්‍යානයෙන් නීති විරෝධි ලෙස මුහුදු කුඩැල්ලන් තිදෙනෙකු අල්ලා ගෙන යාමට තැත්කළ චීන ජාතික කන්තාවන් දෙදෙනෙකු හික්කඩුව වනජීවී නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වයස අවු 55 සහ 33 වියේ පසු වන මෙම කාන්තාවන් දෙදෙනා ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණ හික්කඩුව ප්‍රදේශයේ ලැගුම් ගෙන සිට ඇති බවත්, ඔවුන් නඩු භාණ්ඩ වන මුහුදු කුඩැල්ලන් ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කිරීමෙන් පසුව එක් අයෙකුට රු. 95,000.00 බැගින් කන්තාවන් දෙදෙනාට රු 190,000.00ක දඩයක් නියම කර තිබෙන බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
අල්ලාගත් මුහුදු කුඩැල්ලන් හික්කඩුව ජාතික උද්‍යානයට මුදා හැරිමට කටයුතු කළ බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.