අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් තමන්ට එරෙහිව කොළඹ මහාධිකරණයේ ගොනු කර ඇති අධිචෝදනා පත්‍රය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ගොනු කළ මූලික විරෝධතා දෙකක් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (13) ප්‍රතික්ෂේප කළේය.
ඒ, එම අධිචෝදනා පත්‍රයේ සඳහන් නීතිවිරෝධී වත්කම් උපයා ගත්තේ යැයි කියන කාලය වසරක් ඉක්මවීම, රාජ්‍ය සේවකයා යනාදි සංඝටක විධිමත් ආකාරයෙන් විභාගයක් පවත්වා අධිකරණය හමුවේ තහවුරු කළ යුතු සංඝටක වන්නේ යැයි පෙන්වා දෙමිනි.
මෙම නඩුවේ වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ලබන වසරේ ජනවාරි මස 29දා පැවැත්වීමට විනිසුරුවරයා එහිදී නියෝග කළේය.
2009 ජනවාරි 01දා සිට 2014 දෙසැම්බර් 31 අතර කාලයේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී වැටුපෙන් හා ආදායමෙන් උපයා ගත නොහැකි රුපියල් මිලියන 75 කට ආසන්න මුදල් හා දේපල හිමිකාරිත්වයක් දැරීමේ චෝදනා යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මෙම නඩුව පවරා තිබිණි.
මේ නඩුව ඊයේ (12) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට සහ ඔහු වෙනුවෙන් ඉදිරිපත් වූ ඇපකරුවන්ට වහාම අධිකරණය හමුවේ අද (13) පෙනී සිටින ලෙස දන්වමින් නොතීසි යැවීමට නියෝග කළේය.
එහිදී සිය සේවාදායකයා රෝගි තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට රෝහල්ගත වී ඇතැයි තමාට දැනුම්දුන් දී ඇතැයි විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය.
සබැඳි පුවත්
විමල් වීරවංශ රෝහලේ ලු