පුවත්

ළගදී විවාහවෙන්න සිටි යුවලක් දීඇල් ඔයේ ගිලෙයි!

Published

on

විවාහ වීමට සිටින යුවළක් අත්තනගලු ඔයේ ශාඛාවක් වන දී ඇල් ඔයේ දිය නෑමට ගිය අවස්ථාවේදී ගසාගෙන ගොස් අතුරුදන් වී තිබේ.

ඔවුන් ඊයේ (07) දී ඇල් ඔයේ දිය නෑමට ගොස් ඇත්තේ, වේයන්ගොඩ, මැදවත්ත ප්‍රදේශයෙන් බව පොලීසිය පවසයි.

එසේ දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ, 19 හැවිරිදි වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු සහ 19 හැවිරිදි කුඩා ඔය, ලබුතැන්න ප්‍රදේශයේ පදිංචිකාරියකි.

සිද්ධිය සම්බන්ධයෙන් වේයන්ගොඩ පොලිස් නිලධරින්, ප්‍රදේශවාසීන්, යුද හමුදාව හා නාවික හමුදාවේ සහාය ඇතිව මෙහෙයුමක් ක්‍රියාත්මකය.

Trending

Exit mobile version