පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම් ෆවුසි මහතාගේ පුත්‍රයාව කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගැනීමට හේතුව ලෙස වාර්තා වන්නේ රිය අනතුරක් සිදුකර අනතුරට ලක්වූ මාර්ගයේ ගමන්කළ පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියකි.
කොල්ලුපිටිය පාසල් මාවත ප්‍රදේශයේදී මාර්ගයේ ගමන්කරමින් සිටි අයෙකු අනතුරට ලක්වීමෙන් පසුව අනතුරට ලක්වූ පුද්ගලයාට පහරදීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ලවී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය පරීක්ෂණ සිදුකර සැකකාර ඒඑච්එම් ෆවුසි මහතාගේ පුත්‍රයාව අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහැර තිබේ.