Connect with us

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

පුවත්

කොස්ගොඩ පොලිස් අත්අඩංගුවේදී මියගිය තරුණයා ගැන විමර්ශනයක්

Published

on

By

කොස්ගොඩ පොලිස් අත්අඩංගුවේ සිටි තරුණයෙකු හදිසියේ මියයාම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබේ.

මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් පෙරේදා එලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ කොස්ගොඩ පදිංචි තරුණයෙකි.

සැකකාර තරුණයාව, ඊයේ අධිකරණය වෙත රැගෙන යමින් සිටියදී හදිසියේ රෝගී වී ඇති අතර අනතුරුව ඔහුව රෝහල වෙත රැගෙන යමින් සිටිදී මියගොස් තිබුණි.

ඔහුගේ මෘත දේහය මේ වනවිට බලපිටිය රෝහලේ තැන්පත් කර තිබේ. 

සබැඳි පුවත්

Continue Reading

පුවත්

පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රචාරක කටයුතු අද මැදියම් රැයෙන් අවසන්

Published

on

By

මෙවර පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ප්‍රචාරක කටයුතු අද (03) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

මැතිවරණ කොමිසන් සභාව පැවසුවේ, ඡන්ද විමසිමට පැය 48කට පෙර ප්‍රචාරක කටයුතු අවසන් කළයුතු බවය.

පළාත් පාලන ආයතන ඡන්ද වීමසීම මැයි මස 06 වැනිදා පැවැත්වීමට නියමිතය.

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම පසුගිය 24, 25 සහ 28,29  යන දින තුළ සිදු කෙරුණි. 

තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටි රාජ්‍ය සේවකයින් ගණන 648,490කි.

Continue Reading

පුවත්

ඕස්ට්‍රේලියානු මහ මැතිවරණය අද

Published

on

By

​ඕස්ට්‍රේලියාවේ මහ මැතිවරණය අද (02) ආරම්භ කර තිබේ.

එහිදී ඕස්ට්‍රේලියානු ඡන්දදායකයින් මිලියන 18 ක් අපේක්ෂකයින් සදහා සිය ඡන්දය ප්‍රකාශ කරනු ඇති.

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම, සෞඛ්‍ය සේවා සහ නිවාසවල මිල වැඩිවීම මෙම මැතිවරණයට ඝෘජුව බලපානු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඇල්බනීස් නායකත්වය දෙන වාමාංශික කම්කරු පක්ෂය සහ පීටර් ඩටන්ගේ නායකත්වයෙන් යුතු දක්ෂිනාංශික ලිබරල් පක්ෂය අතර ඔස්ට්‍රේලියාවේ බලය බොහෝ කාලයක් තිස්සේ  හුවමාරු විය.

වාමාංශික කම්කරු පක්ෂය ඕස්ට්‍රේලියාවේ බලයට පත් වුණේ 2022 වසරේ මැයි මාසයේදී ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved