පුවත්

ෆේස්බුක් පොස්ටුවක් දැමූ අරගලකරු පොලිස් අත්අඩංගුවට!

Published

on

“ඔබත් 75 නිදහස් උළෙලේ ආරාධිත අමුත්තෙක්ද? එසේ නම් ජනතා උත්තමාචාර මැද බේරේ වැවේ දිය කෙළීමට සූදානම්ව පැමිණෙන්න යැයි පවසමින් මුහුණුපොතේ පෝස්ටුවක් දැමූ අරගලයේ ක්‍රියාකාරිකයකු මහරගමදී අත්අඩංගුවට ගත් බව පරිගණක අපරාධ කොට්ඨාසය කියයි.

පුද්ගලයකු සිය මුහුණුපොතේ මහජන කැලඹීමක් ඇති වන ආකාරයෙන් නිදහස් උත්සවයට සමගාමීව අදහස් පළ කර ඇති බවට ලද පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනවලදී සැකකරු අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

සැකකරු මෙවැනි ආකාරයෙන් මහජන කැලඹීමක් ඇතිවන ආකාරයේ අදහස් සකස්කර ඔහුගේ මුහුණුපොතට ඇතුළත් කර තිබූ බව පරිගණක අපරාධ කොට්ඨාසය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වූ බවද පොලිසිය කියයි.

එලෙස අදහස් පළ කළ සැකකාර පුද්ගලයාගේ මුහුණුපොතේ ගිණුම පරීක්ෂාකර ඔහුගේ සවිස්තර වාර්තාවක් ලබා ගැනීමෙන් අනතුරුව මහරගම ප්‍රදේශයේ දී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 

අත්අඩංගුවට ගත් සැකකරුට එරෙහිව කොටුව ජනාධිපති මන්දිරයට ඇතුළු වීම සහ රූපවාහිනි සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු වීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ කුරුඳුවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර නඩු පවතින පුද්ගලයෙක් බවත් පොලිසිය කියයි. 

40 හැවිරිදි සැකකරු නුගේගොඩ ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Trending

Exit mobile version