Connect with us

පුවත්

ෆෝන් වැඩ නැති චාල්ස්ගේ අත්සන ගැසට්ටුවේ

Published

on

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකත්වයෙන් පී.එස්.එම්.චාල්ස් මහත්මිය ඉවත් වී නැතැයි මැතිවරණ කොමිෂන් සභාව ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

පළාත් පාලන මැතිවරණයට අදාල ගැසට් නිවේදනයක් මුද්‍රණයට යවා තිබෙන අතර ඊට චාල්ස් මහත්මිය ද අත්සන් යොදා ඇතැයි ද මාධ්‍ය වාර්තා කර තිබේ.

තරුණ ඡන්ද සම්බන්ධ තොරතුරු ඇතුළත් එම ගැසට් නිවේදනයට චාල්ස් මහත්මිය අත්සන් තැබූ බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ද තහවුරු කර ඇත.

කෙසේවුවද, පී.එස්.එම්.චාල්ස් මහත්මියව සම්බන්ධකර ගැනීමට උත්සාහ කළද ඇයගේ දුරකථනය විසන්ධිකර ඇති බැවින් ඇය සම්බන්ධකර ගැනීමට මෙතෙක් මාධ්‍යට නොහැකි වී තිබේ.

මේ අතර, පළාත් පාලන මැතිවරණය මාර්තු 09 වැනිදා, පෙ.ව. 7.00 සිට ප.ව. 4.00 දක්වා පැවැත්වෙන බව දන්වමින් සෑම දිස්ත්‍රික්කයකම මැතිවරණ තේරීම්භාර නිලධාරීන් විසින් අති විශේෂ ගැසට් නිවේදන නිකුත් කර ඇත.

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා අපේක්ෂකයින් 80,720 දෙනෙකු තරග කරන බව මැතිවරණ කොමිසම පවසයි.

එම අපේක්ෂකයින් පිළිගත් දේශපාලන පක්ෂ 58 කට සහ ස්වාධීන කණ්ඩායම් 329කට අයත්ය.

අදාළ ගැසට් නිවේදනය පහත දැක්වේ.

පුවත්

කැනඩා ඉතිහාසය වෙනස් කළ ගැරී

Published

on

By

කැනඩාවේ අධිකරණ අමාත්‍ය ධූරයට ශ්‍රී ලාංකේය දෙමළ සම්භවයක් සහිත ගැරී ආනන්දසංගරී මහතා තේරී පත්වී තිබේ.

කැනඩාවේ  නව අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නිගේ පාලනය යටතේ පත්කළ නව අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍ය ධුරයක් වීම විශේෂත්වයකි.

ඒ අනුව කැනඩා ඉතිහාසයේ අධිකරණ අමාත්‍ය ධුරයට තේරිපත් වූ පළමු දෙමළ-කැනේඩියානු ජාතිකයා ගැරී ආනන්දසංගරී මහතා බවට පත්වනු ඇත.

යාපනයේ උපත ලැබූ ගැරී ආනන්දසංගරී මහතා, 1983 වසරේ කෝලහල පැවති සමගේ කැනඩාවට ගොස් ඇති අතර පසුව කැනඩාවේ පදිංචි වී ඇත. නීතිඥයෙකු වන ගැරී ආනන්දසංගරී මහතා දෙමළ ජාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් දිගු කලක් පෙනී සිටින පුද්ගලයෙකු බව සඳහන් වේ. දේශපාලනයට පිවිසීමට පෙර, ගැරී ආනන්දසංගරී මහතා නීතිඥයෙකු සහ ප්‍රජා උපදේශකයෙකු ලෙස කටයුතු කර තිබේ.

ඔහු කැනේඩියානු දෙමළ වාණිජ මණ්ඩලය, කැනේඩියානු දෙමළ කොංග්‍රසය සහ කැනේඩියානු දෙමළ තරුණ සංවර්ධන මධ්‍යස්ථානය ඇතුළු විවිධ සංවිධාන කිහිපයක් සමඟ කටයුතු කර ඇති බව වාර්තා වේ.

Continue Reading

පුවත්

අම්බලන්ගොඩ ඝාතනය:  ඝාතනයට හේතුව සැකය!

Published

on

By

අම්බලන්ගොඩදී ඊයේ (14)  රාත්‍රියේ පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීම ප්‍රදේශයේ සිදුවන නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙන් පොලීසියට ඔත්තු දෙන බවට ඇතිවූ සැකය මත සිදුවූවක් බවට පොලීසිය සැක පළ කරයි.

අම්බලන්ගොඩ, ඉඩම්තොට බුදු මැදුර අසලදී ඊයේ රාත්‍රී 6:45ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි.

වෙඩිවැදීමෙන් එම ස්ථානයේ සිටි ක්‍රිෂාන්ත මෙන්ඩිස් හෙවත් පොඩි සුද්දා නමැත්තා ජීවිතක්ෂයට පත්වුණි.

45 හැවිරිදි පොඩි සුද්දා නමැත්තා සිව්දරු පියෙකු වන අතර ඔහු ප්‍රදේශයේ කුලීවැඩ කරමින් ජීවත්ව ඇති බව පොලීසිය පැවසීය.

එමෙන්ම ඔහුට විරුද්ධව කිසිඳු අපරාධමය චෝදනාවක් නොමැති බවත් ඉතා සාමකාමී අයුරින් ප්‍රදේශයේ ජීවත් වූවකු බවත් පොලීසිය සඳහන් කරයි.

කෙසේවෙතත් ඔහු ප්‍රදේශයේ සිදුවූ නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙන් පොලිසියට ඔත්තු ලබාදෙන බවට ඇති වූ සැකයක් මත සමන් ප්‍රියන්ත හෙවත් සමන් කොල්ලා නම් අපරාධකරුගේ පාර්ශ්වය මෙම ඝාතනය සිදුකර ඇති බවට සැකකරන බව පොලීසිය පැවසීය.

ඝාතනයට ලක්වූ පුද්ගලයාට සමන් කොල්ලා නම් අපරාධකරුගේ පාර්ශ්වයේ සාමාජිකයන් දෙදෙනෙකු විසින් පසුගිය ජනවාරි මාසයේ පහරදීමක් ද සිදුකර ඇති බව වාර්තා වෙයි.

2016 වසරේ දෙසැම්බර් මස 05 වැනිදා ද අම්බලන්ගොඩ, ඉඩම්තොට ප්‍රදේශයේදී පොලීසියට ඔත්තුදීමේ සැකය මත එකම පවුලේ පියා, මව සහ සිව් හැවිරිදි දරුවෙකු සමන් කොල්ලා නම් අපරාධකරුගේ පාර්ශ්වය විසින් වෙඩිතබා ඝාතනය කර තිබුණි.

Continue Reading

පුවත්

පිරමීඩ ජාවාරමක් සම්බන්ධයෙන් 3 දෙනෙකු අත්අඩංගුවට

Published

on

By

නීති විරෝධී පිරමිඩ ආයෝජන ක්‍රමයක් පවත්වාගෙන ගොස් රට පුරා තැන්පතුකරුවන්ගෙන් රුපියල් බිලියන 1.5 කට අධික මුදලක් ලබාගෙන අනිසි පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරුවන් තුන්දෙනෙකු ලබන 17  වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත්” ස්මාර්ට්  වින්” නමැති පුද්ගලික සමාගමක අධ්‍යක්ෂවරු තිදෙනෙක් මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ මෙම සැකකරුවන් වල්ලපට්ටා පැල රෝපණය කිරීමේ ව්‍යාපෘතියක් පවත්වාගෙන යන බව සඳහන් කරමින් එක් පැළයක් සඳහා රුපියල් 30000/- ක් බැගින් තැන්පතුකරුවන්ගෙන් ආයෝජන ලෙස ලබාගෙන තිබෙන බවය.

මෙම සමාගම ශ්‍රී ලංකා මහා බැංකුවේ අනුමැතියකින් තොරව නීති විරෝධී ලෙස පවත්වාගෙන ගොස් ඇති අතර, මෙසේ නීති විරෝධී ලෙස රට පුරා ජනතාවගෙන් ලබා ගෙන තිබෙන තැන්පතු මුදල්වල වටිනාකම රුපියල්  බිලියන 1.5 කට අධික බවට විමර්ශන වලින් කරුණු අනාවරණය වී තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කලේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved