පුවත්

ෆෝන් වැඩ නැති චාල්ස්ගේ අත්සන ගැසට්ටුවේ

Published

on

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකත්වයෙන් පී.එස්.එම්.චාල්ස් මහත්මිය ඉවත් වී නැතැයි මැතිවරණ කොමිෂන් සභාව ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

පළාත් පාලන මැතිවරණයට අදාල ගැසට් නිවේදනයක් මුද්‍රණයට යවා තිබෙන අතර ඊට චාල්ස් මහත්මිය ද අත්සන් යොදා ඇතැයි ද මාධ්‍ය වාර්තා කර තිබේ.

තරුණ ඡන්ද සම්බන්ධ තොරතුරු ඇතුළත් එම ගැසට් නිවේදනයට චාල්ස් මහත්මිය අත්සන් තැබූ බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ද තහවුරු කර ඇත.

කෙසේවුවද, පී.එස්.එම්.චාල්ස් මහත්මියව සම්බන්ධකර ගැනීමට උත්සාහ කළද ඇයගේ දුරකථනය විසන්ධිකර ඇති බැවින් ඇය සම්බන්ධකර ගැනීමට මෙතෙක් මාධ්‍යට නොහැකි වී තිබේ.

මේ අතර, පළාත් පාලන මැතිවරණය මාර්තු 09 වැනිදා, පෙ.ව. 7.00 සිට ප.ව. 4.00 දක්වා පැවැත්වෙන බව දන්වමින් සෑම දිස්ත්‍රික්කයකම මැතිවරණ තේරීම්භාර නිලධාරීන් විසින් අති විශේෂ ගැසට් නිවේදන නිකුත් කර ඇත.

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා අපේක්ෂකයින් 80,720 දෙනෙකු තරග කරන බව මැතිවරණ කොමිසම පවසයි.

එම අපේක්ෂකයින් පිළිගත් දේශපාලන පක්ෂ 58 කට සහ ස්වාධීන කණ්ඩායම් 329කට අයත්ය.

අදාළ ගැසට් නිවේදනය පහත දැක්වේ.

Trending

Exit mobile version