මුල්ලේරියාව ප්‍රදේශයේ පැවති සාදයක් අතරතුර අංගොඩ ලොක්කාගේ ප්‍රධාන ගෝලයා ලෙස කලක් කටයුතු කළ සුබහිර් නැමැත්තා මරා දමා ඇතැයි වාර්තා වේ.
මෙසේ ඝාතනයට ලක්වූ අය සුමේද යන අන්වර්ථ නාමයෙන් සිට ඇතැයි ද පැවසේ.
මොහු කොළඹ හා හංවැල්ල ප්‍රදේශයේ සිදුවූ ඝාතන රැසක ප්‍රධාන සැකකරුවෙකු බවද පැවසේ.
සුබහිර් මීට පෙර විදෙස්ගතවීමට උත්සාහ කළ අවස්ථාවකදී පොලිස් අත්ඩංගුවට ලක්ව තිබිණි.
පසුව ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරිමේදී මත් කුඩු තොගයක් ද සොයා ගැනිමට පොලිසියට හැකිව තිබිණි.
කෙසේවුවද, එම චෝදනා සම්රබන්ධයෙන් ඔහු ඇප ලබා සිටියදී මෙසේ ඝාතනයට ලක්ව තිබේ.
මුල්ලේරියාවේ පැවති සාදයට මහර බන්ධනාගාරයේ ජේලර්වරයෙකුද සහභාගිවී ඇති අතර ඔහු ද වස ශරීරගතවීමෙන් රෝහල්ගතකර සිටින බව වාර්තා වේ.
මෙම වස ලබා දීම තවත් පාතාල කණ්ඩායමක සාමාජිකයන් පිරිසක් විසින් සිදුකර ඇති බව පැවසේ.