පුවත්

අක්මීමන වෙඩිතැබීමක්

Published

on

ගාල්ල, අක්මීමන, වැවේගොඩවත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබේ.

අද (23) අලුයම 5ට පමණ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මිලිමීටර් 09 වර්ගයේ ගිනිඅවියකින් නිවසකට වෙඩි තබා පළා ගොස් ඇති බව පොලීසිය පැවසුවේය.

වෙඩි තැබීමෙන් කිසිවෙකුට තුවාල සිදුවී නොමැත.

අදාළ නිවස හිමි පුද්ගලයා මිදිගම ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක විධායක ශ්‍රේණියේ රැකියාවක නිරත වන අතර, ඔහු මීට දින කිහිපයකට පෙර එහි සේවකයෙකුගේ ගැටලුවක් හේතුවෙන් සේවයෙන් ඉවත් කර තිබේ.

අදාළ සේවකයා විසින් මීට පෙර ඔහුට දුරකථන ඇමතුම් ඔස්සේද තර්ජනය කර ඇති බව පොලීසිය පවසයි. ඒ අනුව, එම පුද්ගලයා විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි පොලීසිය සැකපළ කරයි.

ගාල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණයට යටතේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.

Trending

Exit mobile version