පුවත්

අගමැතිනියට එරෙහිව පැමිණිලි පිට පැමිණිලි (වීඩියෝ)

Published

on

නිහඩ කාලසීමාවේදී මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වන ලෙසට අගමැතීනි හරිනි අමරසූරිය කළ ප්‍රකාශයට එරෙහිව සමගි ජන බලවේගය විසින්  මැතිවරණ කොමිසම හමුවේ පැමිණිලිලක් සිදුකර තිබේ.

පුංචි ජන්දයට සමගාමීව 03 දින මධ්‍යම රාත්‍රියේ පටන් ක්‍රියාත්මක වන පරිදි සියලු මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කිරීම තහනම් වූ අතර එම නීති මාලාවට ගරුකරමින් සියලුම දෙනා එම පිළිවෙල අනුගමනය කරන කාල සීමාවක රටේ වගකිවයුතු තනතුරක් දරන අගමැති හරිනි අමරසූරිය මහත්මිය සිදු කළ ප්‍රකාශය මේ දිනවල බොහෝ දෙනෙක්ගේ විවේචනයට ලක්විය.

පසුගිය දා පැවති රැළියක් අමතමින් ඇය කියා සිටියේ අපි නිහඬ වුණාට ඔයගොල්ලන්ට පුළුවන් දුරකථනයෙන් කෝල් එකක් දීලා මැසේජ් එකක් දාලා ශේප් එකේ වැඩේ කරගෙන යන්න වැනි අදහසකි.

මැතිවරණ ප්‍රචාරක කටයුතු නවත්වන්න කියූ කාල සීමාවක මේ ආකාරයෙන් රටේ අගමැතිනිය අදහස් දැක්වීමට එරෙහිව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී
මුජිබර් රහුමාන් මහතා ඇතුළු පිරිසක් මෙම පැමිණිල්ල ඉදිරිපත් කරන ලදී.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ මේ හරහා ආණ්ඩුවේ සියලුම නාමයෝජනා අවලංගු කිරීමට මැතිවරණ කොමිසම කටයුතු කළ යුතු බවකි.

මේ අතර අගමැතිනියගේ ප්‍රකාශය නීති විරෝධී බවට පැෆ්රල් සංවිධානය විසින් ද මැතිවරණ කොමිසමට පැමිණිලි කර ඇත.

එම නිවේදනය,

වීඩියෝ  – VoiceTube

Trending

Exit mobile version