පුවත්

අගමැති මෝදිගේ මව මියයයි!

Published

on

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මව වන හීරබා මෝදි මහත්මිය අහමදාබාද්හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදි අභාවප්‍රාප්ත වි තිබේ.

අද අලුයම ඇය ජීවිතක්ෂයට පත්ව ඇති අතර මිය යන විට ඇය 100 වැනි වියේ පසුවූවාය. පසුගිය බදාදා දිනයේදී ඇය අසනීප තත්ත්වයක් මත රෝහල් ගත කිරීමට පියවර ගත් අතර නරේන්ද්‍ර මෝදි මහතා ඇයගේ සුව දුක් විමසීම වෙනුවෙන් රෝහලටද පැමිණියේය.

මිය යන තෙක්ම ඇය තමන්ගේ බාල පුතු වන පංකජ් සමග ගාන්ධි නගර්හි ජීවත්වූ අතර පංකජ් ගුජරාට් රජයේ විශ්‍රාමික රාජ්‍ය නිලධාරියෙක් විය.

Trending

Exit mobile version