පුවත්

අගමැති මෝදිට ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ සම්මානය පිරිනමයි

Published

on

ශ්‍රී ලාංකීය ජනතාව වෙත දක්වන මිත්‍රත්වය සහ සහයෝගීතාව අගයමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා වෙත ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ සම්මානය ප්‍රදානය කළේය.

ජනාධිපතිවරයාගේ ආරාධනයෙන් මෙරට රාජ්‍ය සංචාරයක නිරත ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර අද (05)ජනාධිපති කාර්යාලයේ පැවති නිල හමුවෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා වෙත මෙම සම්මානය පිළිගැන්වීය.

ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ සම්මානය යනු ශ්‍රී ලංකාව විසින් විදේශීය රාජ්‍ය නායකයෙකුට පිරිනමන ඉහළම සම්මානයයි.

“අද දින ජනාධිපති දිසානායක මැතිතුමා විසින් මා වෙත ‘ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ’ ගෞරව නාමය පිරිනැමීම මා හට ඉමහත් අභිමානයකි. මෙම ගෞරවය මාගේ පමණක් නොවේ – එය බිලියන 1.4ක ඉන්දීය ජනතාවට උපහාරයකි. එය ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ජනතාව අතර පවතින ගැඹුරින් මුල් බැසගත් මිත්‍රත්වය සහ ඓතිහාසික සබඳතා සංකේතවත් කරයි. මෙම ගෞරවය වෙනුවෙන් ශ්‍රී ලංකා ජනාධිපතිතුමාට, රජයට සහ ජනතාවට මාගේ හද පිරි කෘතවේදිත්වය පළ කරමි,” යැයි මෝදි අගමැතිවරයා ගේ X ගිණුමේ දැක්වේ.


Trending

Exit mobile version