Connect with us

පුවත්

අගමැති හා මැතිවරණ කොමිසම අතර හමුවක්

Published

on

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පවතින බාධා ඉවත් කළ හැක්කේ පාර්ලිමේන්තුවේදී ‍සිදුකරන නීති සංශෝධනයකින් බව මැතිවරණ කොමිසම පෙන්වා දෙයි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග පැවති සාකච්ඡාවකදී මැතිවරණ කොමිසමේ සාමාජිකයින් මේ බව පවසා තිබේ..

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා මෙම සාකච්ඡාව කැඳවා තිබුණි.

මේ සාකච්ඡාව සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ, පළාත් සභා මැතිවරණය පැරණි පැවති ක්‍රමය හෝ අලුතින් සීමා නිර්ණය කර ඇති ක්‍රමය යන එක් ක්‍රමයට පැවැත්විය හැකි බව කොමිසම අග්‍රාමාත්‍යවරයාට පෙන්වා දුන් බවයි.

ඒ සඳහා පළාත් පාලන මැතිවරණ නීතියට අනිවාර්යෙන්ම සංශෝධනයක් කළ යුතු බවත් එය සිදු කළ යුත්තේ පාර්ලිමේන්තුව තුළින් බවත් තමන් අග්‍රාමාත්‍යවරයාට පෙන්වාදුන් බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

මීට අමතරව පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා ඉදිරිපත් කළ අපේක්ෂකයින් සම්බන්ධයෙන්ද එහිදි සාකච්ඡාවට ලක්ව ඇත.

සභාපතිවරයා පැවසුවේ පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමෙන් එම ගැටලු නිරාකරණය වන බව කොමිසමේ සාමාජිකයින් අග්‍රාමත්‍යවරයාට දැනුම් දුන් බවය.

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධ‍යෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා අග්‍රමාත්‍යවරයාට පැවරුණේ පසුගියදා රැස්වූ කැබිනට් මණ්ඩලයේදී ය.

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved