පුවත්

අටෙන් ඉහළ විෂය මාලාවට AI ත් එක්වේ

Published

on

පාසල්වල 8 වැනි ශ්‍රේණියෙන් ඉහළ ශ්‍රේණි සඳහා වු තොරතුරු තාක්ෂණ විෂය මාලාව සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බවත්, ඒ අනුව, තොරතුරු තාක්ෂණ විෂය ධාරාව සමග කෘතිම බුද්ධිය විෂය ධාරාව හඳුන්වාදෙන බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයට සිය වසක් සම්පූර්ණ වීම නිමිත්තෙන් එහි පැවති සමරු උත්සවයේදී අදහස් දක්වමිනි.

මෙහි නියමු ව්‍යාපෘතිය මාර්තු 19දා සිට පාසල් 17ක් සම්බන්ධ කරගනිමින් ආරම්භ කිරීමට නියමිතය.

මේ ව්‍යාපෘතිය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සමග මයික්‍රෝසොෆ්ට් ආයතනය එක්ව සිටින අතර, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව විෂය දැනුම මෙරට දරුවන්ට ලබාදීමට ඒ අනුව හැකිවන බවද අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Trending

Exit mobile version