පොලිස් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ONMAX DT සමාගමේ අධ්‍යක්ෂවරුන් 05දෙනා ඇප මත මුදාහැර තිබේ.
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින් එම නියෝගය ලබාදී ඇත.
නීති විරෝධී පිරමිඩ ආයෝජන ක්‍රමයක් පවත්වාගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.
ඒ අනුව එක් එක් සැකකරු රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප 03ක් මත මුදාහැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා සෑම මසකම අවසන් ඉරුදින සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් වාර්තා කළ යුතු බවටත් ඇප කොන්දේසියක් පනවනු ලැබීය.
සබැඳි පුවත් :
CIDයට කුදලන් ආ Onmax DT සෙට්එක රිමාන්ඩ්
Onmax DT අධ්‍යක්ෂලා 3කගේ කෝටි 8ක දේපල තහනම් කරයි
Onmax DT බදු වාර්තා CIDයට