පුවත්

අත්දෙක කපාගෙන ගිය අය බාරවෙයි!

Published

on

අමානුෂික ලෙස තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකුගේ අත්දෙක කපා රැගෙන ගිය පුද්ගලයා අද (24) අධිකරණය වෙත භාරවී තිබේ.

සැකකරු නීතිඥයෙකු මාර්ගයෙන් මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාර වී ඇති බව පැවසේ.

සැකකරු විසින් පසුගිය 21 වැනිදා මොරටුව, කොරලවැල්ල ප්‍රදේශයේදී පෞද්ගලික ආරවුලකින් පසු පළිගැනීම සඳහා මෙලෙස අදාළ පුද්ගලයාගේ අත්දෙක කපා රැගෙන ගොස් තිබුණි.

එම පහරදීමෙන් අනතුරුව පහර කෑමට ලක්වූ පුද්ගලයාගේ දෙඅත් මැණික් කටුව ප්‍රදේශයෙන් කපා ඉවත්කොට රැගෙන ගොස් තිබේ.

මෙම පහරදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා අවුරුදු 40ක එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

ඔහු මීට පෙර ද පුද්ගලයෙකුගේ අතක් වෙන්වනසේ කපා දමා ඇති අතර පසුව රෝහලේදී එම අත බද්ධ කර තිබුණි.

ඒ හේතුවෙන් මෙම පුද්ගලයාගේ දෙඅත් කපා සැකකරු එම කොටස් රැගෙන යන්නට ඇති බව පොලීසිය සැකකරයි.

Trending

Exit mobile version