Connect with us

පුවත්

අදානිලාට අතවනන කටුනායක ගුවන්තොටේ වැඩ

Published

on

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි සේවකයන් පිරිසක් විසින් ඔවුන්ගේ සේවය නිසි පරදි ලබානොදීම නිසා එහි පරිපාලන කටයුතු සඳහා බලපෑම් ඇතිව ඇතැයි වාර්තා වේ.

එහි ආසන්නතම සිද්ධියක් පසුගිය 13 වැනිදා පෙරවරුවේ සිදුව ඇති අතර, එදින එහි ගමන්මලු දාමය (Baggage Belt) ක්‍රියා විරහිතවීම නිසා මගීන් විශාල අපහසුතාවයකට පත්ව තිබේ.

ඒ අවස්ථාවේ විදේශිකයන්ද විශාල ප්‍රමාණයක් සිට ඇති බව පැවසේ.

සිද්ධියට මුහුණදුන් කාන්තාවක් සිය X ගිනුමේ මෙවැනි සටහනක් ද තබා තිබිණි.

කෙසේවුවද, කිසියම් පිරිසක් විසින් හිතාමතාම එහි පරිපාලන කටයුතු අවුල් කරනු ලබන බවට ලැබී ඇති තොරතුරක් මත මේවන විට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල ප්‍රධානීන් විසින් පරීක්ෂණ පවත්වාගෙන යනු ලබන බවද පැවසේ.

මේවන විට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල ඇතුළු මත්තල ගුවන් තොට සහ රත්මලාන ගුවන් තොට ද  ඉන්දියාවේ අදානි සමාගමට ලබාදීමට යන බවට සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රසිද්ධ ප්‍රකාශයක් පසුගියදා කර තිබිණි.

එසේම අදානි සමාගමින් වැටුප් ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා ඇමතිවරුන් සිටින බවට ද විපක්ෂයෙන් චෝදනා එල්ලවී තිබිණි.

සබැඳි පුවත් :
ලංකාවේ ප්‍රධාන ගුවන් තොටුපලවල් තුනම අදානිට! 
කටුනායක, මත්තල සහ රත්මලාන ගුවන් ‍තොටවල් ඉන්දියාවට 

 2024දී කටුනායක ගුවන් තොටට විදුලිය 10%ක් පුනර්ජනනීය බලයෙන්

කටුනායක e-gate හා CCTV කැමරා පාලන මධ්‍යස්ථානයක් පිහිටුවීමට අවධානය (ඡායා) 

පුවත්

පොල් පොහොර සහනාධාරයක් (වීඩියෝ)

Published

on

By

පොල් පොහොර මෙට්‍රික් ටොන් පනස්හයදහස් හත්සියක තොගයක් අදියර කිහිපයක් යටතේ සහනාධාර ක්‍රමයට ලබා දීමට කටයුතු කරන බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරුදෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

පොල් කිරි ආනයනයට හේතු වූ කරුණු සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා මෙහිදී විස්තර කලේය.

වීඩියෝ – Voice Tube

Continue Reading

පුවත්

ලංකා බැංකු කෙසෙල්වත්ත ශාඛාවේ කෝටි දහයේ වංචාවට තවත් 3ක් අත්අඩංගුවට

Published

on

By

පානදුර කෙසෙල් වත්ත රාජ්‍ය බැංකුවකට අඩු කැරට් අගයක් සහිත රන් භාණ්ඩ උගස්කර රුපියල් කෝටි 10 කට ආසන්න මුදලක් වංචා කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මේවන විට 6 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර නිලධාරිනියන් තිදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති නිලධාරීන් අතර මාණ්ඩලික සහකාර නිලධාරිනියක් සහ කනිෂ්ඨ විධායක නිලධාරිනියන් දෙදෙනෙකු සිටින බව පැවසේ.

අඩු අගයක් සහිත රන් භාණ්ඩ බැංකුවට උකස් කර සැකකාරියන් තිදෙනා අත්අඩංගුවට ගැනුණේ ඔවුන් තිදෙනා උකස් පත්‍රිකාවල ව්‍යාජ අත්සන් යොදා රුපියල් 99,370,100 ක වංචා කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය වෙත ලද පැමිණිල්ලක් අනුව කළ විමර්ශනයේ දී ය.

මාණ්ඩලික සහකාර නිලධාරිනිය ලෙස සේවය කළ 36 හැවිරිදි සැකකාරිය පානදුර බෙත්තේගම පුන්සරාවත්ත පාර නිවසේ දී ද, 37 හැවිරිදි කනිෂ්ඨ විධායක නිලධාරිනියක් වාද්දුවේ තල්පිටිය දකුණ, දළදාවත්ත පාර නිවසේදීද අත්අඩංගුවට ගෙන ඇත. 

36 හැවිරිදි අනෙක් නිලධාරිනිය අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර විහාර පාරේ පිහිටි නිවසේදීය.

සැකකාරියන් පොදු දේපළ පනත යටතේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශ (1) විසින් මෙහි පරීක්ෂණ පවත්වයි.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දුමින්ද යළිත් රිමාන්ඩ්

Published

on

By

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා එළඹෙන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

වැල්ලවත්ත නිවාස සංකීර්ණයකදී කාන්තාවක භාරයේ තිබී රන් ආලේපිත ඨ්-56 ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවත්වන විමර්ශනයට අදාළව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක පසුගිය මැයි 23 වන දින අත්අඩංගුවට ගැනීම සිදුවිය.

මේ වන විට සිද්ධියට අදාළ පරීක්ෂණවලට අනුව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින දුමින්ද දිසානායක මහතා  අද (05) පෙරවරුවේ දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කලේය.

ජූනි 19 වනදා දක්වා දුමින්ද දිසානායක මහතා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved