කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි සේවකයන් පිරිසක් විසින් ඔවුන්ගේ සේවය නිසි පරදි ලබානොදීම නිසා එහි පරිපාලන කටයුතු සඳහා බලපෑම් ඇතිව ඇතැයි වාර්තා වේ.
එහි ආසන්නතම සිද්ධියක් පසුගිය 13 වැනිදා පෙරවරුවේ සිදුව ඇති අතර, එදින එහි ගමන්මලු දාමය (Baggage Belt) ක්‍රියා විරහිතවීම නිසා මගීන් විශාල අපහසුතාවයකට පත්ව තිබේ.
ඒ අවස්ථාවේ විදේශිකයන්ද විශාල ප්‍රමාණයක් සිට ඇති බව පැවසේ.
සිද්ධියට මුහුණදුන් කාන්තාවක් සිය X ගිනුමේ මෙවැනි සටහනක් ද තබා තිබිණි.
කෙසේවුවද, කිසියම් පිරිසක් විසින් හිතාමතාම එහි පරිපාලන කටයුතු අවුල් කරනු ලබන බවට ලැබී ඇති තොරතුරක් මත මේවන විට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල ප්‍රධානීන් විසින් පරීක්ෂණ පවත්වාගෙන යනු ලබන බවද පැවසේ.
මේවන විට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල ඇතුළු මත්තල ගුවන් තොට සහ රත්මලාන ගුවන් තොට ද ඉන්දියාවේ අදානි සමාගමට ලබාදීමට යන බවට සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රසිද්ධ ප්‍රකාශයක් පසුගියදා කර තිබිණි.
එසේම අදානි සමාගමින් වැටුප් ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා ඇමතිවරුන් සිටින බවට ද විපක්ෂයෙන් චෝදනා එල්ලවී තිබිණි.
සබැඳි පුවත් :
ලංකාවේ ප්‍රධාන ගුවන් තොටුපලවල් තුනම අදානිට!
කටුනායක, මත්තල සහ රත්මලාන ගුවන් තොටවල් ඉන්දියාවට
2024දී කටුනායක ගුවන් තොටට විදුලිය 10%ක් පුනර්ජනනීය බලයෙන්
කටුනායක e-gate හා CCTV කැමරා පාලන මධ්‍යස්ථානයක් පිහිටුවීමට අවධානය (ඡායා)