Connect with us

පුවත්

අදානි සුළං බලශක්ති ව්‍යාපෘතියෙන් ඉවත් වෙයි!

Published

on

ශ්‍රී ලංකාවේ සැලසුම් කර ඇති ඩොලර් බිලියන 1ක සුළං බලශක්ති ව්‍යාපෘතියෙන් ඉවත් වීමට තමන් තීරණය කළ බව අදානි ග්‍රීන් එනර්ජි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ලිපියක් මගින් දන්වා තිබේ.

ව්‍යාපෘතිය ආරම්භයට අවශ්‍ය බොහෝ අනුමැතීන් ලබා ගෙන තිබියදීත් මෙතෙක් නොවිසඳුණු පාරිසරික නිෂ්කාෂණයන් හා දැනට පවතින ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කටයුතු ඇතුළු විවිධ ප්‍රමාදයන් හේතුවෙන් මෙම ව්‍යාපෘතිය මේ දක්වා ක්‍රියාවට නැංවීමට නොහැකි විය.

අදානි ග්‍රීන් එනර්ජි සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත කළ අදාළ ලිඛිත නිවේදනයෙන් මෙය “ගෞරවාන්විත ලෙස ඉවත්වීමක්” බවත්, ශ්‍රී ලංකාවේ ඉදිරි අනාගත ව්‍යාපෘති වෙනුවෙන් තම සමාගම විවෘත බවත් ප්‍රකාශ කර ඇත.


අදානි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට කළ නිවේදනය පහතින්.

පුවත්

හෙට ඉහළ උණුසුම් තත්ත්වයක්

Published

on

By

හෙට (06) නැගෙනහිර, උතුරු, වයඹ සහ උතුරු-මැද පළාත් සහ මොනරාගල දිස්ත්‍රික්කයෙත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කල යුතු” මට්ටමක පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එබැවින් අදාල ප්‍රදේශවල ජනතාවට විමසිලිමත්වන ලෙස වැඩිදුරටත් දැනුම් දී තිබේ.

අදාළ නිවේදනය පහතින්,

Continue Reading

පුවත්

මීළඟ විදුලි ගාස්තු සංශෝධනය තෙක් IMF ණය වාරිකය නොලැබේ

Published

on

By

ජුනි මාසයේදී සිදුකෙරෙනු ඇතැයි අපේක්ෂිත මීළඟ විදුලි ගාස්තු සංශෝධනය වන තෙක් අයිඑම්එෆ් පස්වන ණය වාරිකය ශ්‍රී ලංකාව වෙත ලබාදීම ප්‍රමාද වනු ඇත.

මේ බව  ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉහළ පෙලේ ආරංචිමාර්ග “දිවයින”ට තහවුරු කළේය.

මෙයට හේතුව වී ඇත්තේ අයිඑම්එෆ් එක සමග එකඟ වී ඇති  පිරිවැය ආවරණය කෙරෙන මිල ක්‍රමය ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකාව පැත්තෙන් ප්‍රමාද වීමයි.

මෙය ශ්‍රී ලංකාව පැත්තේ ප්‍රමාදයක් මිස අයිඑම්එෆ් ප්‍රමාදයක් නොවන බව ද වැඩිදුරටත් වාර්තා වේ.

මූලාශ්‍රය  – දිවයින

සබැඳි පුවත්

Continue Reading

පුවත්

මර්වින් නැවතත් රිමාන්ඩ්

Published

on

By

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉඩම් වංචා කිරීමේ සිදුවීමකට අදාළව පැවැත්වෙන නඩුව විභාගයට ගත් අවස්ථාවේදීය.

මෙම නඩුව මහර මහෙස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අතර එහිදී දැනට අධිකරණය මගහරිමින් සිටින හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණවීර සහ මිල්රෝයි පෙරේරා අත්අඩංගුවට ගැනීමටද වරෙන්තු නිකුත් කර තිබේ.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved