ශ්‍රී ලංකාවේ සැලසුම් කර ඇති ඩොලර් බිලියන 1ක සුළං බලශක්ති ව්‍යාපෘතියෙන් ඉවත් වීමට තමන් තීරණය කළ බව අදානි ග්‍රීන් එනර්ජි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ලිපියක් මගින් දන්වා තිබේ.
ව්‍යාපෘතිය ආරම්භයට අවශ්‍ය බොහෝ අනුමැතීන් ලබා ගෙන තිබියදීත් මෙතෙක් නොවිසඳුණු පාරිසරික නිෂ්කාෂණයන් හා දැනට පවතින ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කටයුතු ඇතුළු විවිධ ප්‍රමාදයන් හේතුවෙන් මෙම ව්‍යාපෘතිය මේ දක්වා ක්‍රියාවට නැංවීමට නොහැකි විය.
අදානි ග්‍රීන් එනර්ජි සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත කළ අදාළ ලිඛිත නිවේදනයෙන් මෙය “ගෞරවාන්විත ලෙස ඉවත්වීමක්” බවත්, ශ්‍රී ලංකාවේ ඉදිරි අනාගත ව්‍යාපෘති වෙනුවෙන් තම සමාගම විවෘත බවත් ප්‍රකාශ කර ඇත.
අදානි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට කළ නිවේදනය පහතින්.