2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය අද (19) දිනයේත් පැවැත්වේ.
ඒ අනුව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය අද විවාදයට ගැනීමට නියමිතය.
අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය පසුගිය පෙබරවාරි 27 වනදා ආරම්භ වූ අතර මාර්තු 21 වැනිදා දක්වා දින 19ක් කාරක සභා අවස්ථා විවාදය පැවැත්වීමට නියමිතව තිබේ.
ඉන් අනතුරුව 2025 මූල්‍ය වර්ෂය සඳහා වන අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම මාර්තු 21 වැනිදා පැවැත්වීමට නියමිතය.