Connect with us

පුවත්

අද රෑ 12න් පසු A/L සම්මන්ත්‍රණ තහනම්

Published

on

2024 උසස් පෙළ විභාගයට අදාළ දේශන, උපකාරක පන්ති, වැඩමුළු හා සම්මන්ත්‍රණ, අද (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

එම උපදෙස්  පිළිනොපදින පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද විභාග දෙපාර්තමේන්තුව කියා සිටී.

මේ අතර විභාග කාලසීමාව තුළ විභාග අධීක්ෂණ කටයුතු ශක්තිමත් කර ඇති බවත්, ඒ අනුව අධීක්ෂණ කටයුතු සඳහා විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අමතරව පළාත් සහ කලාප කාර්යාලවල නිලධාරීන් ද යොදා ගෙන ඇතැයි ද පැවසේ.

එක් අධීක්ෂක නිලධාරියෙකු දින 15ක් තුළ විභාග මධ්‍යස්ථාන 20ක් ආවරණය කළ යුතුය.

උසස් පෙළ විභාගය ලබන 25 වැනි දා සිට දෙසැම්බර් 20 වැනි දා දක්වා පැවැත්වීමට නියමිතයි.

ඒ, විභාග මධ්‍යස්ථාන 2312 කදීය.

ඒ සඳහා පෙනී සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව 333,185කි.

මේ අතර සහකාර ශාලාධිපති ඇතුළු නිරීක්ෂණ ගුරුවරුන්ට, අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ශාලාවලට ජංගම දුරකතන රැගෙන යාම තහනම් කර තිබේ.

දුරකතන රැගෙන යාමට අවසර හිමිවන්නේ, විභාග මධ්‍යස්ථානයේ ශාලාධිපතිට හා අතිරේක අධීක්ෂණ ශාලාධිපතිට පමණි.

පුවත්

හරක් කටා කොළඹ ජාතික රෝහලට

Published

on

By

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධ කල්ලියේ නායකයෙකු වන නඳුන් චින්තක හෙවත් ‘හරක් කටා’, චිකුන්ගුන්යා වෛරසය වැළදීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

ඔහු මේ වන විට 37 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින අතර, එම වාට්ටුව පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලීසිය විසින් දැඩි ආරක්ෂාවක් යටතේ පවත්වාගෙන යන බවද වාර්තා වේ.

ආරක්ෂක හේතූන් මත එම වාට්ටුව ඔහුට පමණක් වෙන් කර ඇති අතර, වෙනත් රෝගීන් කිසිවෙකු එහි යාමට ඉඩ නොමැති බවද සඳහන්ය.

මෙම අතරතුරදී, තමාට පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබා ගැනීමට අවසර ලබාදෙන ලෙස හරක් කටා විසින් ඉල්ලීමක් කළ ද, එය බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.

Continue Reading

පුවත්

වසරේ පළමු මාස 6 තුළ සුරාබදු ආදායම වාර්තාගත ලෙස ඉහළට

Published

on

By

වසරේ ගත වූ මාස 6 තුළ සුරාබදු දෙපාර්තමේන්තුව විසින් රුපියල් බිලියන 120.5 ක ආදායමක් උපයා තිබේ.

එය මුදල් අමාත්‍යාංශය විසින් ලබා දී ඇති ඉලක්කය ඉක්මවා ලබාගත් 102.6% ක ප්‍රගතියකි.

සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පසුගිය වසරේ රුපියල් බිලියන 226.7 ක් රජයට අයකර දීමට සුරාබදු දෙපාර්තමේන්තුව ක්‍රියාකර ඇති බවයි.

2023 වසරේ රුපියල් බිලියන 178.6 ක් හා 2022 වසරේ රුපියල් බිලියන170.3 කද ආදායමක් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් උපයා තිබේ.

ජනාධිපතිවරයාගේ සංකල්පයක් අනුව බදු ශක්ති නමින් ක්‍රියාත්මක වූ බදු සතිය තුළ සුරාබදු දෙපාර්තමේන්තුව සක්‍රීය දායකත්වයක් ලබාදී තිබුණි.

ඒ සුරාබදු බලපත්‍ර ස්ථාන පරීක්ෂාව, සුරාබදු බලපත්‍රධාරීන් ජනතාව දැනුවත් කිරීම හා නීති විරෝධි නිෂ්පාදන වැටලීම් අඛණ්ඩව සිදු කරමින් ය.

Continue Reading

පුවත්

මීමුරේ යන අයට තාවකාලික තහනමක්

Published

on

By

හුන්නස්ගිරිය, මීමුරේ මාර්ගයේ 28 වැනි කිලෝ මීටරය ආසන්නයේ පිහිටි කයිකාවල පාලම අසලින් එම මාර්ගය තාවකාලිකව වසා ඇති බව වාර්තා වේ.

මහනුවර දිසාපති ඉන්දික උඩවත්ත සඳහන් කළේ අඳාළ පාලම හරහා වාහන ධාවනය කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බවය.

කෙසේ වෙතත් මෙම පියවර ගෙන ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් සිදුකළ ප්‍රතිසංස්කරණ කටයුත්තක් අතරතුර වූ හදිසි ආපදා තත්ත්වයක් නිසා බව සඳහන්ය.

මහනුවර දිසාපති ඉන්දික උඩවත්ත මහතා වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ විනෝද සංචාර හා වෙනත් අවශ්‍යතා වෙනුවෙන් මීමුරේ වෙත, නැවත දැනුම්දෙන තුරු පැමිණීමෙන් වළකින ලෙසය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved