Connect with us

පුවත්

අද ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය යි

Published

on

සෑම වසරකම ජුනි 14 දින ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය සැමරීම සිදු කෙරේ.

රුධිර පරිත්‍යාගශීලීන්ගේ උතුම් මෙහෙවර අගයමින් සෑම වසරකම ජුනි 14 දින ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය සැමරේ. එහිදී ඔවුන්ට උපහාරයක් සිදු කෙරේ.

රුධිර පරිත්‍යාගශීලීන් පුද්ගලිකව මෙන්ම රුධිර පරිත්‍යාගශීලීන්ගේ කදවුරු සංවිධානය කරන සංවිධායකවරුන්ද ඇගයීමක් මෙහිදී සිදුකෙරේ.

මෙවර රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනයේ තේමාව වනුයේ  ‘ජීවිත සුරැකීමට පිය නගමු’ යන්නයි.

ලෝක රුධිර පරිත්‍යාගකරන්නන්ගේ දිනය නැති නම් රුධිර දායක දිනය, ජූනි 14 ලෝක සෞඛ්‍ය සංවිධානය 2004 වසරේදී නම් කරන නිල ගෝලීය සෞඛ්‍ය වැඩසටහන් අටෙන් එකකි.

මෙම දිනය ආරක්ෂිත රුධිර හා රුධිර නිෂ්පාදනවල අවශ්‍යතාවය පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීම සහ රුධිර පරිත්‍යාගශීලීන්ගේ ස්වේච්ඡා, ජීවිතාරක්ෂක රුධිර පරිත්‍යාගය සඳහා තුති පුද කිරීමක් සඳහාද ඉවහල් වේ.

1930 වසරේදී , රුධිර ඝන සොයා ගැනීම වෙනුවෙන් නොබෙල් ත්‍යාගය දිනු කාල්  ලෑන්ඩ්ස්ටයිනර් ගේ උපන්දිනය වන ජුනි 14 දිනය එතුමාට ගෞරවයක් වශයෙන් ලෝක රුධිර දායක දිනය ලෙස ලොව පුරා සෑම රටක්ම සමරනු ලබයි.

රෝගියකු සඳහා පාරවිලයනය කිරීමට ආරක්ෂිත රුධිරය වන්නේ නිත්‍ය, ස්වේච්ඡාවෙන් නොගෙවූ රුධිර පරිත්‍යාගශීලීන්ගෙන් ලබා ගන්නා රුධිරය වේ.

ශ්‍රී ලංකා ජාතික රුධිර පාරවිලයන සේවාව 2013 වර්ෂයේ සිට 100%ක්ම ස්වකැමැත්තෙන්ම රුධිර පරිත්‍යාග කරන්නන්ගෙන් රුධිර සංචිත පෝෂණය වේ. එය ලෝක සෞඛ්‍ය සංවිධානයද තහවුරු කර තිබේ. එය ශ්‍රී ලංකා සෞඛ්‍ය ක්ෂේත්‍රය ලබා ගත් විශිෂ්ට ජයග්‍රහනයකි.

ලෝකය පුරා 100%ක් ස්වකැමැත්තෙන්ම රුධිර පරිත්‍යාග කරන්නන්ගෙන් පෝෂිත සෞඛ්‍ය ක්ෂේත්‍ර ඇත්තේ අල්ප ප්‍රමාණයකි. එහි ගෞරවය සියලුම රුධිර දායකයින්ට හිමි විය යුතුය.

රුධිරයට විකල්ප නැත. එසේම හදිසි අවශ්‍යතා සඳහා මෙන්ම සැලසුම් කර සිදු කෙරෙන ශල්‍යකර්ම සඳහාද රුධිරය හා රුධිර සංඝටකයන් අවශ්‍ය වේ.. තැලසීමියා, පිලිකා, වකුගඩු, රක්තහීනතා වැනි රෝග සඳහාද, හදවත් ශල්‍යකර්ම, දරු ප්‍රසූතියේ සිදුවන හදිසි තත්ව, හදිසි අනතුරු සඳහාද රුධිරය හා රුධිර සංඝටකයන් අත්‍යාවශ්‍ය වේ.

රුධිර පරිත්‍යාගශීලීන්ගේ ජාතික උත්සවය අද (14) පෙරවරු 10.00 ට කොළඹ නෙළුම් පොකුණ රගහලේදී පැවැත්වීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය. ලේකම්වරයා මේ බව පැවසුවේ ඊයේ (13) නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ පැවැත් වුණු මාධ්‍ය හමුවකට එක්වෙමිණි.

රුධිර පරිත්‍යාගශීලීන් දහසක් ඇගයීමටත්, ඊට සමගාමීව දිවයින පුරා පිහිටි පර්ශද රුධිර මධ්‍යස්ථාන වලදී තවත් රුධිර පරිත්‍යාගශීලීන් තුන් දහසක් ඇගයීමටත්, ශ්‍රී ලංකා රුධිර ජනක සෛල දායකයින්ගේ ලේඛණය ආරම්භ කිරීමටත්,රක්තා ජංගම දුරකතන යෙදුම (Rakthaa App) එලි දැක්වීමත්, අද දිනයේ සිදු කිරීමට බලාපොරොත්තු වන බව  ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ජාතික රුධිර පාරවිලයන සේවයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ, රුධිර පාරවිලයන පිළිබද විශේෂඥ වෛද්‍ය ලක්මාලි මොරවක, විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාර්ථයින්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය දම්මිකා සෙනරත්  යන මහත්ම මහ්මීන් පිරිසක් මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියහ.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved