ලෝකයේ වනඅලින් සංරක්ෂණය කිරීමේ අරමුණ පෙරදැරිව සෑම වසරකම අගෝස්තු 12 දින නම්කර තිබේ.
පළමු වරට ලෝක වනඅලි දිනය ලෙස නම් කරන ලද්දේ 2012 වර්ෂයේ අගෝස්තු 12 වැනිදිනය. ඒ, චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන William Shatner විසින් තායිලන්තයේ දී වනඅලින් සම්බන්ධව නිර්මාණය කරන ලද වෘත්තාන්ත චිත්‍රපට දෙකකින් පසුව එහි ආසියානු අලින් සම්බන්ධව පළ කළ කරුණු පිළිබඳව අවධානය යොමුකරමිනි.
2011 වසරේ සිදුකරන ලද අවසන් සංගණනයට අනුව මෙරට අලි ගහනය දැක්වෙන්නේ 6,000කට ආසන්න සංඛ්‍යාවකි.
එම වනඅලි ගහනයෙන් 55.9%ක් වැඩිහිටි අලින් ලෙස ද 25.3%ක් තරුණ වැඩිහිටි අලින් ලෙස ද 12.4%ක් පැටවුන් ලෙස ද 6.4%ක් ළදරු අලි පැටවුන් ලෙස ද ගණන් බලා තිබේ.
මෙරට භූමි සීමාවෙන් වැඩිම වන අලින් ප්‍රමාණයක් ගැවසෙන භූමිය මහවැලි වනජීවි කලාපය වන අතර, එහි ජීවත් වන අලින් සංඛ්‍යාව 2,000කට ආසන්නය.
නමුත් අවාසනාවන්ත තත්ත්වය නම්, සෑම වසරකම පාහේ තවමත් විසඳුමක් නොමැති අලි මිනිස් ගැටුම හේතුවෙන් අලින්ගේ ජීවිත මෙන්ම මිනිස් ජීවිත ද විශාල ප්‍රමාණයක් අහිමි වේ.