Connect with us

පුවත්

අද ලෝක වනඅලි දිනය යි.

Published

on

ලෝකයේ වනඅලින් සංරක්ෂණය කිරීමේ අරමුණ පෙරදැරිව සෑම වසරකම අගෝස්තු 12 දින නම්කර තිබේ.

පළමු වරට ලෝක වනඅලි දිනය ලෙස නම් කරන ලද්දේ 2012 වර්ෂයේ අගෝස්තු 12 වැනිදිනය. ඒ, චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන William Shatner විසින් තායිලන්තයේ දී වනඅලින් සම්බන්ධව නිර්මාණය කරන ලද වෘත්තාන්ත චිත්‍රපට දෙකකින් පසුව එහි ආසියානු අලින් සම්බන්ධව පළ කළ කරුණු පිළිබඳව අවධානය යොමුකරමිනි.

2011 වසරේ සිදුකරන ලද අවසන් සංගණනයට අනුව මෙරට අලි ගහනය දැක්වෙන්නේ 6,000කට ආසන්න සංඛ්‍යාවකි.

එම වනඅලි ගහනයෙන් 55.9%ක් වැඩිහිටි අලින් ලෙස ද 25.3%ක් තරුණ වැඩිහිටි අලින් ලෙස ද 12.4%ක් පැටවුන් ලෙස ද 6.4%ක් ළදරු අලි පැටවුන් ලෙස ද ගණන් බලා තිබේ.

මෙරට භූමි සීමාවෙන් වැඩිම වන අලින් ප්‍රමාණයක් ගැවසෙන භූමිය මහවැලි වනජීවි කලාපය වන අතර, එහි ජීවත් වන අලින් සංඛ්‍යාව 2,000කට ආසන්නය.

නමුත් අවාසනාවන්ත තත්ත්වය නම්, සෑම වසරකම පාහේ තවමත් විසඳුමක් නොමැති අලි මිනිස් ගැටුම හේතුවෙන් අලින්ගේ ජීවිත මෙන්ම මිනිස් ජීවිත ද විශාල ප්‍රමාණයක් අහිමි වේ.

පුවත්

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩා වැටෙයි

Published

on

By

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩාවැටීමෙන් රථවාහන තදබදයක් ඇතිවී තිබේ.

පොලීසිය සඳහන් කළේ වාහන කිහිපයකට හානි සිදුව ඇති බවය.

මේ වනවිටත් ගස ඉවත්කිරීමේ කටයුතු සිදුකරන අතර ඇතිවී ඇති මාර්ග තදබදය හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.

Continue Reading

පුවත්

තැපැල් ඡන්ද හිමියන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

Published

on

By

තැපැල් ඡන්ද හිමියන්ට සිය ඡන්දය ප්‍රකාශ කරන ස්ථානය හා සහතික කිරීමේ නිලධාරියා හඳුනා ගැනීම සඳහා ‘e’ සේවාවක් ක්‍රියාත්මක බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම කොමිෂන් සභාව පැවසුවේ මැතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති අපේක්ෂකයින් මෙන්ම ඔවුන්ගේ කණ්ඩායම් සහ පක්ෂ මෙන්ම සලකුණ හඳුනා ගැනීම සඳහා ද මෙමගින් පහසුකම් සලසා ඇති බවය.

eservices.elections.gov.lk යන යොමුව මඟින් මැතිවරණ ‘e’ සේවාව වෙත පිවිස එහි රාජ්‍ය නිලධාරීන් සඳහා වන තැපැල් ඡන්ද තොරතුරු සඳහා වන යොමුව වෙත පිවිස තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතී.

Continue Reading

පුවත්

අද ගිගුරුම් සහිත වැසි

Published

on

By

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (23) ප.ව. 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය.

බස්නාහිර පළාතෙත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved