පුවත්

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් වෘත්තිය සමිතිවලට ඉල්ලීමක්

Published

on

විශ්ව විද්‍යාල යථා තත්ත්වයට පත් කිරීම සඳහා ලබන සඳුදා සිට සේවයට වාර්තා කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ අදාළ වෘත්තිය සමිති වලින් ඉල්ලීමක් කරයි.

එහි ලේකම්වරයා ඔවුන් වෙත ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කර ඇත්තේ, වර්ජනය පැවති කාලයේදී අයදුම්පත් කැදවා අවසන් කරන ලද උසස් වීම් හෝ බඳවා ගැනීම් සම්බන්ධයෙන් සේවකයන්ට අවාසි සහගත බලපෑම් නොවන ලෙස කටයුතු කරන බවයි.

එසේම, වර්ජනයට සම්බන්ධ වූ සියලු සේවක කොටස් වලට එම වර්ජනය හේතු කරගෙන පැනවෙන කිසිදු ආකාරයක අඩු කිරීම් හා දඬුවම් ආදි කිසිවක් නොකරන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය විශ්ව විද්‍යාල අනධ්‍යන වෘත්තිය සමිති වෙත දැනුම් දී තිබේ.

Trending

Exit mobile version