යාපනය චාවකච්චේරි මහෙස්ත්‍රාත් අධිකරණයට ප්‍රහාරයක් එල්ලවන බවට තොරතුරු ලබාදුන් පුද්ගලයා සොයා මේ වන විට පුළුල් පරික්ෂණයක් ආරම්භ කොට ඇති බව චාවකච්චේරි පොලීසිය පවසයි.
චාවකච්චේරි පොලීස් ස්ථානයට ඊයේ (29) දින කිසියම් නාඳුනන පුද්ගලයෙකු විසින් දුරකතන ඇමතුමක් ලබාදී චාවකච්චේරි මහෙස්ත්‍රාත් අධිකරණයට ප්‍රහාරයක් එල්ලකිරීමේ සැලසුමක් ඇති බව දැනුම් දී තිබේ
මේ හේතුවෙන් ඊයේ දින චාවකච්චේරි මහෙස්ත්‍රාත් අධිකරණය හා අවට ප්‍රදේශයේ විශේෂ ආරක්ෂාවක් යෙදවීමට පියවර ගෙන තිබූ අතර මේ සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායද යොදවා තිබුණි.
කෙසේවෙතත් අදාල දුරකතන ඇමතුම ලබාදුන් පුද්ගලයා කව්රුන්දැයි යන්න අනාවරනණය වී නොමැති අතර පොලීසිය නොමග යැවීමේ අරමුණින් යුතුව මෙලෙස දුරකතන ඇමතුමක් ලබා දෙන්නට ඇති බවටයි පොලීසිය සැකපල කර තිබේ.
අදාළ දුරකතන ඇමතුම ලබාදුන් පුද්ගලයින් කව්රුන්දැයි යන්න පිළිබඳව සෙවීමටද මේ වන විට පරික්ෂණයක් අරඹා ඇති බව චාවකච්චේරි පොලීසිය වැඩිදුරටත් පැවසීය.