ඉන්දියාවේ මුම්බායි නගරයට බලපා ඇති අයහපත් කාලගුණය නිසා මුම්බායි Chhatrapati Shivaji Maharaj ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොඩ බැමට නියමිතව තිබූ ගුවන් යානා 50 ක් ආපසු හරවා යවා ඇති බව වාර්තා වේ.
ගුවන් මගීන්ට සිදුවන අපහසුතා මගහරවා ගැනීමට ගුවන්තොටුපොළ බලධාරින් ගුවන් මගීන්ට පහසුකම් සපයා ඇති බව සඳහන්ය.
අධික වැසි සහිත කාලගුණය ලබන 12 වනදා දක්වා පැවතිය හැකි බවයි ඉන්දිය කාලගුණ නිලධාරීන් පවසා ඇත.
ඉදිරි පැය 24 ක කාලය තුළ වැසි තත්ත්වය තවත් වැඩිවිය හැකි බවට ජනතාවට අනතුරු අඟවා ඇති අතර, පැවති අධික වැසි හේතුවෙන් මුම්බායේ වීදී ගණනාවක් මේ වන විට ජලයෙන් යටවී, මාර්ග තදබදයක් නිර්මාණය වී ඇති බවද සඳහන් වේ.