පුවත්

අධිවේගී අනතුරින් ASP ඇතුළු තිදෙනෙකුට තුවාල – අයෙක් මරුට

Published

on

රාජ්‍ය බුද්ධි සේවයේ නැගෙනහිර පළාත භාර  සහකාර පොලිස් අධිකාරිවරයා ගමන් ගත් ජීප් රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ නවතා තිබූ මෝටර් රථයක ගැටීමෙන් මෝටර් රථ රියදුරු මිය ගොස් තිබේ.

එම අනතුරෙන් සහකාර පොලිස් අධිකාරීවරයා ඇතුළු තිදෙනෙකු තුවාල ලැබූ බවයි දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය  පවසයි.

අනතුරින් මියගොස් ඇත්තේ කළුතර දකුණ මුස්ලිම් පල්ලිය පාර අංක 45/45 ලිපිනයේ පදිංචිව සිටි ඒ බි රිස්වාන් (34) නම් පුද්ගලයෙකි.

තුවාල ලැබූවන් අතර ජීප් රථයේ ගමන් ගත් සහකාර පොලිස් අධිකාරීවරයා, ජීප් රථය පැදවූ රාජ්‍ය බුද්ධි සේවාවට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයා සහ මෝටර් රථයේ ගමන් ගත් මගියෙකුද වන  බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කලේය.

Trending

Exit mobile version