Connect with us

පුවත්

අන්නමලේ කස්සප හිමිට එරෙහිව පොලිස්පතිට පැමිණිලි කරයි!

Published

on

බලන්ගොඩ කස්සප හිමියන් විසින් සිදුකරනු ලැබූ ප්‍රකාශයකින් තමන්ට සහ තම පවුලේ සාමාජිකයින්ට මරණිය තර්ජන එල්ලවී ඇතැයි පවසමින් සමාජ ක්‍රියාකාරියකු වන කන්දසාමි අන්නමලේ න‌ොහ‌ොත් සුජිත් ප්‍රියන්ත හා සුජිත් අන්නමලේ යන නම්වලින්ද පෙනී සිටින අය විසින් පොලිස්පතිවරයා වෙත ඊයේ (31) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

පෞද්ගලික ආරක්ෂාව තර්ජනයට ලක්වීම සම්බන්ධයෙන් වූ එම පැමිණිල්ලේ මෙසේ සඳහන් වේ.

”බලන්ගොඩ කස්සප ස්වාමින් වහන්සේ විසින් අද දින (31/05/2023) පවත්වන ලද මාධ්‍ය හමුවකදී පැවසු “ඉතින් ඒ වගේම තමයි, දැන් අරගලේ ඇතුලේ ඉඳන් කවුද මේකට උදව් කලේ සුජිත් අන්නමලේ… සුජිත් අන්නමලේ තමයි උදව් කරන්නේ කොතන ඉඳන්ද… ගෝල්ෆේස් එකේ කුස්සිය ළඟ ඒ වගේම තමයි තිබුන අර පුස්තකාලයේ මැද ඉඳගෙන සුජිත් අන්නමෙලේ ලස්සනට උදව් කරනවා… ඒ නිසා අපි කියනවා මේක පිටිපස්සේ හඹාගෙන හඹාගෙන ගියාම හොඳ හොඳ දේවල් එළිවෙන යාමෙට බේරගන්න පුළුවන් හොයාගන්න පුළුවන්.. ඒ නිසා කරුණාකරලා CID එකේ මහත්තුරුන් හැකි ඉක්මනින් මොවුන් අත්අඩංගුවට අරගෙන චෝදනා ගොනුකරලා අධිකරණයට වාර්තා කරන්න මෙන්න මේ වගේ පුද්ගලයෝ.  එහෙම නොවුනොත් පන්සල් දහදාහක් තියෙනව ලංකාවේ අපි හැම පන්සලක්ම.. මම මෙහෙම   ඉස්සරහට එන්නේ මගේ පිටිපස්සෙන් සැහෙන්න භික්ෂුන වහන්සේලා ප්‍රමාණයක් ඉන්නවා… අරණ්‍ය වාසි ග්‍රාමවාසි බෞද්ධ ජනතාව ඉන්නවා ඒ නිසා අපි කියනවා අපි හැමෝම එක්ක මහපාරට එනවා මේ රටේ බෞද්ධ සංස්කෘතිය විනාශ කරන්න අපි ඉඩ දෙන්නේ නෑ කියන ප්‍රකාශය අපි ඉතා තදින් මේ වෙලාවේ කියනවා.“ ප්‍රකාශය හේතුවෙන් කන්දසාමි අන්නමලේ සුජිත් ප්‍රියන්ත වන මාගේ සහ පවුලේ අයගේ ජිවිතයට දේපොළවලට තර්ජනයක් විය හැකි බැවින් ඒ පිළිබඳව සොයා බලා හැකි ඉක්මනින් නිසි විමර්ශනයක් කර මාගේ සහ මාගේ පවුලේ අයගේ ජිවිතවලත් දේපොළවලත් ආරක්ෂාව තහවුරු කර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

අන්නමලේ පොලිස්පතිට කළ පැමිණිල්ල පහතින්,

සබැදි පුවත්

ලකාගේ පවුල CIDයට (වීඩියෝ)

බෲනෝ අත්අඩංගුවට ගනියි!

SLVLOG කියන්නේ දේශපාලන ප්‍රොජෙක්ට් එකක් – හිමිකරු පිළිගනියි (වීඩියෝ)

මංජුට මුදල් එන තැන් පැහැදිළි නෑ – CIDයට විස්තරාත්මක පැමිණිල්ලක්

මංජු නිශ්ශංකගේ මාමණ්ඩි “මොරිස්” LTTE ඩෑස්පෝරාවේ අයෙක්

නටාෂා ගුවන් තොටේදී අත්අඩංගුවට

කුණු හරුප ප්‍රචාරණයට සාදර අනුග්‍රහය මන්චී හා සිංගර් (වීඩියෝ)

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved