Connect with us

පුවත්

මංජු නිශ්ශංකගේ මාමණ්ඩි “මොරිස්” LTTE ඩෑස්පෝරාවේ අයෙක්

Published

on

ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ බවට චෝදනා එල්ලවී මේවන විට රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින නටාෂා එදිරිසූරියගේ ප්‍රකාශය සහිත වීඩියෝ පටය සමාජ මාධ්‍ය වෙත නිකුත් කළ කණ්ඩායමේ ක්‍රියාකාරිකයකු වන මංජු නිශ්ශංක නමැත්තාගේ මාමණ්ඩිය වන  “මොරිස්”  නැමැත්තා ඒල්.ටී.ටී.ඊ. ඩෑස්පොරාවේ අයෙක් බවට බළන්ගොඩ කස්සප හිමියෝ චෝදනා කරති.

උන්වහන්සේ මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසූහ.

ඒ් සම්බන්ධයෙන් වැඩිදුරටත් උන්වහන්සේ මෙසේ ද කීහ.

“අපි කිව්වේ නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගන්න කියලා විතරක් නෙමෙයි මේකෙ පිටිපස්සේ ඉන්න මංජු නිශ්ශංක කියන්නේ කවුද?, නාලක ගොඩහේවාත් එක්ක මෙයාගේ තිබෙන සම්බන්ධය මොකක්ද? එතකොට මංජු නිශ්ශංකගේ මාමා අමෙරිකාවේ ඉඳන් කොහොමද සල්ලි එවන්නේ. මේගොල්ලෝ කොටි ඩයස්පෝරාවලට සම්බන්ධයි. ඒ නිසා මේ සිද්ධි සමුදායක් තිබෙනවා. කෝටි ගණන් වියදම් කරලා මොරිස් කියන මෙයාගේ මාමා, ඩයස්පෝරාවෙන් සල්ලි එවනවා. අනුර කුමාර මහත්තයා හම්බුණාට පස්සේ වෙලාවක මංජු නිශ්ශංක මතක් කරලා තිබෙනවා, බිලියන තුනක් වුණත් වියදම් කරන්න ලෑස්තියි කියලා. අපි කියනවා ඔබතුමා ඒ වෙලාවේ හිස නමපු නැති එක ගැන අපි ගෞරව කරනවා. අපි පැහැදිලිව කියනවා මේකෙ පිටි පස්සේ ඉන්න කොටි ඩයස්පෝරාව, බෝනගේන් කල්ලිය මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විදිමත් පරීක්ෂණයක් කරලා මේ කණ්ඩායම අත්අඩංගුවට ගන්න ඕන කියලා.”

නටාෂා වේදිකාගතකළ‌ේ අමෙරිකාව – විමල් වීරවංශ

මේ අතර, “නටාෂා එදිරිසූරිය ” නැමැත්තිය තැනැත්තිය ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘතියක මෙන්ම USAID ආයතනයේ ද සේවයේ නියුතුව සිට ඇති බවත්,  ඇය බුදුදහමට ගැරහීමට සැලසුම්සහගතව ගොඩනගා, වේදිකාගත කළ අයකු බවත්  ජාතික නිදහස් පෙරමුණේ නායක, උත්තර ලංකා සභාගයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කියයි.

බොරැල්ලේ පිහිටි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවති උත්තර ලංකා සභාගයේ පක්ෂ නායක හමුවෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව පවසා තිබිණි.

ප්‍රශ්නය: බුදුදහමට අපහාස කිරීමේ කටයුත්ත පිටිපස්සේ ඉන්නේ ආණ්ඩුව ද? ජාත්‍යන්තර බලවේග ද?

පිළිතුර: අර නටාෂා කියන තැනැත්තිය ගැන ඔබ සොයලා බලන්නකො. ඇය ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘතියක සේවය කළ තැනැත්තියක්. ඊට අමතරව USAID ආයතනයේ සේවය කළ අයෙක්. එහෙම චරිත තමයි “සුද්ධෝදනගෙ කොලුවා” කියමින් බුදුදහමට ගරහන්නේ. මේ අය නිකම් එන්නේ නැහැ. ඔවුන් සැලසුම්සහගතව, ගොඩනඟලා, වේදිකාගත කරලයි තිබෙන්නේ. මේක අහිංසක මෙහෙයුමක් නොවෙයි”

සබැදි පුවත්

නටාෂා ගුවන් තොටේදී අත්අඩංගුවට

මංජුට මුදල් එන තැන් පැහැදිළි නෑ – CIDයට විස්තරාත්මක පැමිණිල්ලක්

පුවත්

කෑගල්ල උණුසුම් වූ බස් අනතුර

Published

on

By

කෑගල්ල අවිස්සාවේල්ල මාර්ගයේ කොට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී තිබේ.

අද (18) පස්වරු 4.00ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර එම අනතුරින් පුද්ගලයින් 26 දෙදෙනකු තුවාල ලබා ඇති බවත් ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත් වාර්තා වේ.

නුවර සිට අවිස්සාවේල්ල බලා ධාවන වූ පෞද්ගලික බස් රථයක් අධික වේගය සහ අපරික්ෂාකාරී ලෙස වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යාමත් සමග මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය පවසයි.

තුවාලකරුවන් කෑගල්ල මහරෝහලයට සහ තොරනගහපිටිය ග්‍රාමීය රෝහලට ඇතුළත් කළ බවයි පිංදෙණිය පොලීසිය ප්‍රකාශ කර සිටී.

අනතුරට පත් එක් බස් රථයක රියදුරෙකු බරපතළ තත්ත්වයේ ප්‍රතිකාර ලබන අතර අනෙක් රෝගියා කාන්තාවක් බවයි වාර්තා වේ.

Continue Reading

පුවත්

“මුලින්ම තියන්නේ ජනාධිපතිවරණය නෙමෙයි”

Published

on

By

ස්ථීරයෙන්ම එන්නේ ජනාධිපතිවරණය නොව මහ මැතිවරණය බවත් ලබන 14 හෝ 15 පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම විසුරුවන බවත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පවසයි.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකට එක් වෙමින් උදයංග වීරතුංග මහතා මේ බව සඳහන් කලේය.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග එකඟත්වයට පැමිණ අවසන් බවද ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පැවැත්වීමට ඇති කරගෙන ඇති එකඟතාව පිළිබඳව දන්නේ  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ එක් අයකු පමණක් බවද ඔහු මෙහිදී පවසා ඇත.

“ අගමැති අපේක්ෂකයෙක් නම් කරන්න බලාපොරොත්තුවක් නැහැ. ධම්මික පෙරේරා ඉතා ප්‍රබල අපේක්ෂකයෙක් විදියට ඉදිරිපත් වෙනවා. ඒ තීරණය තියෙන්නේ පොහොට්ටුවේ එක ඔලුවක විතරයි. පාර්ලිමේන්තු මැතිවරණයක් එනවා. පාර්ලිමේන්තුවේ බහුතරය ඒකට විරුද්ධයි. අනුර කුමාරත් විරුද්ධයි. ජාතික ජන බලවේගයට රැල්ලක් ඇවිල්ලා තියෙන්නේ සමාජ මාධ්‍යයෙන් පමණයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ශකයා රනිල් වික්‍රමසිංහ නෙමෙයි. ඒක දැන් තීරණය කරල ඉවරයි.”

Continue Reading

පුවත්

ඇල්ල – වැල්ලවාය මාර්ගය යළිත් වැසෙයි

Published

on

By

ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (18) රාත්‍රී 8 සිට හෙට (19) උදෑසන 6 දක්වා ගමනාගමනය සඳහා වසා තැබීමට යළිත් තීරණය කර තිබේ.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම තීරණය ගත් බව දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved