පොසොන් සමයේ දිවයිනේ නන්දෙසින් අනුරාධපුරයේ වන්දනා කිරීම සඳහා පැමිණෙන බැතිමතුන්ගේ ප්‍රවාහන පහසුව වෙනුවෙන් සාමාන්‍ය ප්‍රවාහන සේවාවට අමතරව 400කට වැඩි අතිරේක විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.
අනුරාධපුර ලංකා ගමනාගමන මණ්ඩලයේ කාර්යාලයේ දී පසුගිය දා පැවැති සාකච්ඡාවකින් අනතුරුව එහි සභාපති ලලිත් ද අල්විස් මහතා මේ බව සඳහන් කළේය.
ඓතිහාසික අනුරාධපුර පූජා නගරය, මිහින්තලය සහ තන්තිරිමලය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන පොසොන් උත්සවය සඳහා පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් සාමාන්‍ය ප්‍රවාහන සේවාවට අමතරව මෙම විශේෂ බස් රථ සේවාව ක්‍රියාත්මක කරයි.
ඒ අනුව, ගම්පහ සහ කොළඹ ලංගම ප්‍රාදේශිකයන්වල ද සහාය ඇතුව මෙවර පොසොන් සමයේ අමතර බස්රථ හාරසීයක් යෙදවීමට කටයුතු කර තිබේ.
අටමස්ථානාධිපති නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා ඇතුළු පොසොන් කමිටුවේ සිදු කළ සාකච්ඡා අනුව කාර්ය මණ්ඩල යෙදවීම, අතිරේක බස් රථ යෙදවීම සහ අතිරේක බස් රථ ගාල් කිරීම පිළිබඳ අවශ්‍ය වැඩපිළිවෙළ මේ වන විට සැළසුම් කර ඇත.