Connect with us

පුවත්

අනුරාධපුරයේ යන බැතිමතුන් වෙනුවෙන් අතිරේක බස්

Published

on

පොසොන් සමයේ දිවයිනේ නන්දෙසින් අනුරාධපුරයේ වන්දනා කිරීම සඳහා පැමිණෙන බැතිමතුන්ගේ ප්‍රවාහන පහසුව වෙනුවෙන් සාමාන්‍ය ප්‍රවාහන සේවාවට අමතරව 400කට වැඩි අතිරේක විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

අනුරාධපුර ලංකා ගමනාගමන මණ්ඩලයේ කාර්යාලයේ දී පසුගිය දා පැවැති සාකච්ඡාවකින් අනතුරුව එහි සභාපති ලලිත් ද අල්විස් මහතා මේ බව සඳහන් කළේය.

ඓතිහාසික අනුරාධපුර පූජා නගරය, මිහින්තලය සහ තන්තිරිමලය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන පොසොන් උත්සවය සඳහා පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් සාමාන්‍ය ප්‍රවාහන සේවාවට අමතරව මෙම විශේෂ බස් රථ සේවාව ක්‍රියාත්මක කරයි.

ඒ අනුව, ගම්පහ සහ කොළඹ ලංගම ප්‍රාදේශිකයන්වල ද සහාය ඇතුව මෙවර පොසොන් සමයේ අමතර බස්රථ හාරසීයක් යෙදවීමට කටයුතු කර තිබේ.

අටමස්ථානාධිපති නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා ඇතුළු පොසොන් කමිටුවේ සිදු කළ සාකච්ඡා අනුව කාර්ය මණ්ඩල යෙදවීම, අතිරේක බස් රථ යෙදවීම සහ අතිරේක බස් රථ ගාල් කිරීම පිළිබඳ අවශ්‍ය වැඩපිළිවෙළ මේ වන විට සැළසුම් කර ඇත.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved