Connect with us

පුවත්

“අනුර ඩුමුක අමුල් අමුල්” 

Published

on

“අනුර දිසානායකට ඉන්දියාවට එන්න කියලා අමුල් එක බලන්න එක්කන් යනවා. එයා අමුල් එක බලන අතර මෙහේ ඉන්න එයාගේ ගෝලයෝ මිල්කෝ ඒක ඉස්සරහ මේක අමුල් එකට විකුණන්න එපා කියලා පෙත්සම අත්සන් කරනවා. මේ විකාර දැකලා සමාජ මාධ්‍යයේ තරුණ කොල්ලෙක් දාලා තියෙනවා අනුර ඩුමුක අමුල් අමුල් කියලා.” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පැවසීය.

“9න් පසුව ශ්‍රී ලංකාවේ ඉරණම” මැයෙන් ජාතික නිදහස් පෙරමුණ විසින් සංවිධානය කරනු ලබන සංවාදශීලී ජනහමු මාලාවේ තවත් වැඩ සටහනක් කැස්බෑව ආසන සභාව විසින් පිළියන්දල සුවාරපොළ ප්‍රදේශයේදී පෙරේදා (11 වැනිදා) පැවැත්විනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය.

“අනුර දිසානායකට ඉන්දියාවට එන්න කියලා අමුල් එක බලන්න එක්කන් යනවා. එයා අමුල් එක බලන අතර මෙහේ ඉන්න එයාගේ ගෝලයෝ මිල්කෝ ඒක ඉස්සරහ මේක අමුල් එකට විකුණන්න එපා කියලා පෙත්සම අත්සන් කරනවා. මේ විකාර දැකලා සමාජ මාධ්‍යයේ තරුණ කොල්ලෙක් දාලා තියෙනවා අනුර ඩුමුක අමුල් අමුල් කියලා. දැන් ඉන්දියාවේ ගිය අර අනුර ඩුමක කට්ටිය එක්ටා ගිවිසුම ගැන වචනයක් කියනවද. ඒව ගැන වචනයක් කියන්නේ නෑ. අරූ හොරා මූ හොරා අරූ කෑවා මූ කෑවා කියලා විතරයි කියන්නේ. මේ ආර්ථිකය අමාරුවේ වැටුණු වෙලාවේ ඒ අමාරුව පාවිච්චි කරලා මිනිසුන්ගේ තියෙන අවධානය ජීවත්වීම කියන ප්‍රශ්නයට කොටුවෙච්ච වෙලාවේ ඒ වාසිය පාවිච්චි කරලා මේ වගේ ගිවිසුම් ගහලා අනාගත පරපුරට බිම්අඟලක් උරුම වෙන්න තියෙන එක නැති වෙනවා. ඒ වගේම ඉදිරියේදී ලංකාව ඇතුළත ව්‍යවහාරික මුදල් ඒකකයක් බවට ඉන්දියානු රුපියල පත්වෙනවා. ඒ වගේම මේ කාලේ තමයි බුද්ධ චීවරයට වැඩියෙන්ම පහර දෙන කාලය. තරුණ හාමුදුරුනමක් පේරාදෙණිය පැත්තේ විශාල චෛත්‍යයක් හදනවා මිනිස්සුන්ගේ උදව් උපකාර ඇතිව. මේ දවස්වල අර බෞද්ධ නිරාගමික නඩය ඒ ස්වාමීන් වහන්සේට පහර දෙනවා. ඒකට හේතුව තමයි හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඒ චෛත්‍ය වැඳ ගන්න ගියපු වෙලාවක හාමුදුරුවෝත් එක්ක ඉන්න පින්තූරයක් තියෙනවා.” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පැවසීය.

පුවත්

දින 9කදී ලංගම ආදායම රු. මිලියන 1,300 පන්නයි

Published

on

By

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු උදාවත් සමග ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට විශේෂ බස් රථ තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන මණ්ඩලයේ ගමනාගමන කළමනාකරු එච්. පියතිලක මහතා පවසයි.

ඔහු පැවසුවේ මේ වන විටත් අඛණ්ඩව පැය 24 පුරා ක්‍රියාත්මක වන බස් සේවාවක් ක්‍රියාත්මක වන බවය.

විශේෂයෙන් මහනුවර සිරි දළදා වන්දනාව සඳහා සහභාගී වන සැදැවතුන් වෙනුවෙන් ද විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කර ඇතැයිද පැවසු ඒ මහතා පැවසුවේ ඒ අනුව මහනුවර – කොළඹ මාර්ගය සඳහා මේ වන විට ලංගම බස් රථ 150කට ආසන්න සංඛ්‍යාවක්ද යොදවා ඇති බවය.

එමෙන්ම පසුගිය 10 වැනිදා සිට ඊයේ (19) දිනය දක්වා වන විට ජාතික ගමනා ගමන මණ්ඩලය රුපියල් මිලියන 1,300කට ආසන්න ප්‍රමාණයක් උපයා ඇතැයිද එළැඹෙන දින කිහිපයේදී මෙම ආදායම තවදුරටත් ඉහළ යා හැකි බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව CIDයට

Published

on

By

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා ලේඛන ඇතුළත් වෙළුම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලදී.

ඒ අනුව ජනාධිපති ලේකම් – නන්දික සනත් කුමානායක මහතා විසින් අදාළ වාර්තාව ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට පියවර ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

Continue Reading

පුවත්

ඩෙංගු – චිකන්ගුන්‍යා ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක්

Published

on

By

මේ දිනවල පවතින වර්ෂාවත් සමග ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ ඩෙංගු රෝගය ව්‍යාප්ත කරනු ලබන මදුරුවන් හරහා චිකන් ගුන්‍යා රෝගය ද ව්‍යාප්ත වන බවය.

ඔහු පැවසුවේ දීර්ඝ සති අන්ත නිවාඩුව සහ පාසල් නිවාඩුව හේතුවෙන් බොහෝ පිරිස් විනෝද චාරිකා ගොස් ඇති බවත් මේ හේතුවෙන් නිවාස සහ අවට පරිසරය පිරිසිදු කර ගැනීමේ හැකියාව මග හැරී ගොස් ඇති බවය.

මේ හේතුවෙන් මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදු කිරීමේ හැකියාවක් ලැබී නොමැති බැවින් මදුරුවන් බෝ වන ස්ථාන වැඩි වී ඇතැයිද ඔහු පැවසීය.

ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝග පතුරුවනු ලබන්නේ එකම මදුරුවෙකු විසින් බව පෙන්වා දුන් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ මේ හේතුවෙන් අවට පරිසරය නිරන්තර පිරිසිදු කරගනිමින් මදුරුවන් බෝවිම වළක්වා ගන්නා ලෙස ජනතාව දැනුවත් කරන බවය.

(අරුණ)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved