වෙනත් පක්ෂයකට එකතු කර නොගන්නා අයව සමගි ජන බලවේගයට ගන්නේ සමගි ජන බලවේගය දැන් බේරේ වැව බවට පත්වෙලාද යන්න විමසීමට සිදුවන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒ, ඊයේ (20) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි ඔහු මේ බව පවසා සිටියේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සජිත් ප්‍රේමදාස මහතා සමඟ එක්වූයේ ජනතා විමුක්ති පෙරමුණ සහ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පාර්ශවය ඔහුව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් බව ගම්මන්පිල මහතා පැවසීය
“ජවිපෙ නලින්ද ජයතිස්ස මැතිතුමා කියනවා චම්පික අපේ පස්සෙන් ආවා. අපි එයාව භාර ගත්තේ නෑ කියලා. ආණ්ඩුව කියනවා රනිල්ව වර්ණනා කරමින් හිටියට අපි චම්පිකව ගත්තේ නෑ කියලා. එතකොට චම්පිකගේ තුන්වන තේරීම තමයි සජිත්. අනුර සහ රනිල් දෙන්නාම ප්‍රතික්ෂේප කළ නිසා තමයි චම්පික සජිත් ගාවට යන්නේ. අර රත්තරන් හොරෙන් ගෙනාව අලි සබ්‍රිවත් ගත්තු රනිල් චම්පිකව ගත්තේ නෑ කිව්වාම ගල්අඟුරු ගිල්ලාම කෙතරම් කළු වෙනවා ද කියන එක හිතා ගන්න පුළුවන්. කවුරුත් ගන්නේ නැති අයව සජබ ගන්නේ කාගෙත් කුණු එකතු වෙන බේරේ වැව බවට සජබ පත් වෙලා ද කියලා අපි අහන්න කැමැතියි”