පුවත්

“අපිට අනුකම්පා කරලා ඡන්දේ දෙන්න”

Published

on

අප කෙරෙහි අනුකම්පා කර පාර්ලිමෙන්තු මැතිවරණයට ඡන්දය පාවිච්චි කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසයි.

ඔහු මෙම දහස් පල කළේ, පානදුර කළුදෑවල ප්‍රදේශයේ පැවති පක්ෂ ක්‍රියාකාරී හමුවක් අතරතුරය.

එහිදී වැඩිදුරටත් අදහඩ් දැක්වූ ඔහු කියා සිටියේ,

“අප ඊළග දශකයේ තීරණාත්මක සාධකය බවට පත්කරනවා. අමාරු කාලයක ඉන්නේ. නායකයා පක්ෂය අතහැර යනවිට පාක්ෂිකයන් කලකිරුනා. ජනාධිපතිවරණයේදී ඡන්ද මධ්‍යස්ථානට ගියේ නෑ.

ඒ නිසා මේ මැතිවරණයේදී අපට අනුකම්පා කරලා ඡන්ද මධ්‍යස්ථානයට ගිහින් පොහොට්ටුවට ඡන්දය දාන්න. එහෙම වුණොත් කිසි කෙනකු දේශපාලන වශයෙන් කිසිවෙක් බලාපොරොත්තු නොවූ ප්‍රථිපලයක් ලැබේවි කියා මට විශ්වාසයක් තියෙනවා..

මගෙන් සමහරු අහනවා අනුර කුමාර දිසානායක මහතා ට ඊළග අවුරුදු පහේ අභියෝගයක් වෙන්නේ කව්ද කියලා. රනිල් වික්‍රමසිංහ ද ? නාමල් රාජපක්ෂ ද ? සජිත් ප්‍රේමදාස ද ? කියලා. එයට අභියෝගයක් වෙන්නේ වෙන කවුරුන් හෝ නොවෙයි . ඔහු සහ ඔහුගේ කණ්ඩායමමයි. මොකද මැතිවරණ වේදිකාවේ කියපු බොරු ඔප්පු කරගන්න බෑ.

Trending

Exit mobile version