දිවයින පුරා පවත්වනු ලැබූ දන්සල් 20,000ක් පරීක්ෂාවට ලක්කළ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ විධායක සාමාජික සඳුන් හේමන්ත රත්නායක මහතා පවසයි.
එහිදී අපිරිසිදු තත්ත්වයේ පවත්වාගෙන ගිය දන්සැල් 20කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත් බව සඳුන් හේමන්ත රත්නායක මහතා විසින් පවසන ලදී.
කොළඹ නගර සීමාවේ දන්සැල් 4000ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර , එයිනුත් අපිරිසිදු තත්ත්වයේ තිබූ දන්සැල් 5කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත් බවයි සඳහන් වේ.
මෙහිදී බත්, ෆ්‍රයිඩ් රයිස්, කොත්තු, සීනි සම්බල් පාන්, කඩල, මඤ්ඤොක්කා, බීම දන්සල් පරීක්ෂාවට ලක්කර ඇත.
ඒ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 1800ත් 2000ත් අතර පිරිසක් සහභාගී වූ බව සඳහන් වේ.
දන්සැල් පරීක්ෂාව ලබන 27 වැනිදා දක්වා ක්‍රියාත්මකයි.