Connect with us

පුවත්

“අපි හොද කෙනෙක්ට සූට්එක අන්දමු”

Published

on

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රනිල් වික්‍රමසිංහ මහතාව ජනාධිපති ධුරයට පත්කර ගත්තේ මීළඟ මැතිවරණයක් දක්වා පමණක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

“අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාව ජනාධිපතිවරයා හැටියට පත් කළේ පැහැදිලිවම ඊළඟ මැතිවරණය දක්වා පමණයි. ඒක එතුමාත් දන්නවා, අපිත් දන්නවා. ඒ වගේම තමයි ඉදිරි මැතිවරණවලට අපි ක්‍රියාත්මක වීම සම්බන්ධව අපි අපේ පාක්ෂිකයො එක්කත් පක්ෂය එක්කත් තව සාකච්ඡා කළ යුතුයි. දැන් ඉන්න ජනාධිපතිවරයා ඉල්ලනවාද නැද්ද කියන්න එපැයි ඉස්සෙල්ලා. එතුමා ධුරයේ ඉන්න කාලෙ අපි එතුමාව දාන්නෙ නෑ කිව්වොත් මොකක්ද වෙන්නෙ ? ආණ්ඩුව කඩන් වැටෙනවානෙ … මගේ වගකීම සූට් මහගෙන ඉන්න හැමෝටම සූට් එක අඳින්න පුළුවන් වෙන්න මම පක්ෂය හදලා දෙන්නම්, හොඳ කෙනෙක්ට සූට් එක අන්දමු අපි”

ඊයේ (02) ගම්පහ ප්‍රදේශයේ පැවති වැඩසටහනකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව පවසා සිටියේය.

පුවත්

ඇමතිලා වෑකන්දේ දමා වාරිමාර්ගය ඉබියතුරු දාලා 

Published

on

By

අනුරාධපුර නුවර වැවේ සංචාරයක් නිමාකර යළි වෑකන්ද මතින් පිටව යෑමට පැමිණි මැති ඇමැති පිරිසක් වෑකන්ද තුළ දමා එහි ගේට්ටු වසා ඉබි යතුරු දමා වසා දැමීම නිසා එම පිරිස දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි වාර්තා වේ.

සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය සේන නානායක්කාර  උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතා ඇතුළු කණ්ඩායමක් එම සංචාරයට එක්ව තිබේ.

අනුරාධපුර දිස්ත්‍රික්කය සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ අරමුණෙන් රජය විසින් ගෙන යන දැනුවත් කිරීම සඳහා සංචාරක නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිස අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමිපාණන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව  සංචාරක නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිස නුවර වැවේ නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබේ.  

එහිදී  නුවර වැව් බැම්ම හරහා යාමට ඇති මාර්ගය දෙපැත්තෙන් ගේට්ටු දෙකක් දමා වසා ඇති ආකාරය එම පිරිස නිරීක්ෂණය කළහ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව  වැව් බැම්මේ එක් ගේට්ටුවක් විවෘත කිරීමෙන් අනතුරුව සංචාරක නියෝජ්‍ය ඇමතිවරයා ඇතුළු පිරිස වැවේ නිරීක්ෂණ චාරිකාව ආරම්භ කළ අතර නැවත පිටතට යාමට සූදානම් වූ අවස්ථාවේදී එම ගේට්ටු යළි ඉබි යතුරු දමා වසා දැමීම හේතුවෙන් එම පිරිස දැඩි අපහසුතාවයට ලක් වූහ.

Continue Reading

පුවත්

ටෙක්සාස් හි ගංවතුරෙන් ළමයි 15ක් ඇතුළු 43ක් ජීවිතක්ෂයට

Published

on

By

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයෙන් ළමුන් 15 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 43 දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.

පැවති වර්ෂාපතනයත් සමග ඉකුත් සිකුරාදා අලුයම ග්වාඩලූප් ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් මෙම හදිසි ගංවතුර තත්ත්වය ඇති වූ අතර දිවි ගලවා ගත් පුද්ගලයින් සොයා දැඩි සෝදිසි මෙහෙයුම් සිදුවෙමින් පවතින බව පැවසේ.

අතුරුදන්වූවන් සොයා හෙලිකොප්ටර් යානා 14ක්, ඩ්‍රෝන යානා 12ක්, ගලවා ගැනීමේ බෝට්ටු සහ ගලවා ගැනීමේ කණ්ඩායම් නවයක් සමඟ සහන සේවකයින් 500කට වැඩි පිරිසක් ද යොදවා ඇති අතර මේ වන විට පුද්ගලයින් 850ක් පමණ බේරාගෙන ඇති බව වාර්තා වේ.

ගලවා ගැනීමේ මෙහෙයුම්වලදී වැඩි අවධානයක් යොමු කර ඇත්තේ ටෙක්සාස්හි ග්වාඩලූප් ගං ඉවුරේ පිහිටා තිබූ කඳවුරක් වන අතර, එහි සිටි වයස අවුරුදු 12ට අඩු ගැහැණු ළමයින් ඇතුළුව 27 දෙනෙකු අතුරුදන් වී ඇත.

මේ අතර ඇතිවූ හදිසි අවස්ථාවට ප්‍රතිචාර දැක්වීම සඳහා තම පරිපාලනය, පළාත් පාලන ආයතන සමඟ සමීපව කටයුතු කරන බවත්, ඕනෑම ආධාරයක් ලබා දීමට සුදානම් බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

ගංවතුර තත්ත්වය හේතුවෙන් ටෙක්සාස් ප්‍රාන්තයේ විදුලියද ඇනහිට ඇති අතර මේ හේතුවෙන් ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා බාධා මතුව ඇති බවද විදෙස් මාධ්‍යවල දැක්වේ.

ජාතික කාලගුණ සේවය පැවසුවේ ජලගැලීමෙන් තවමත් පීඩාවට පත් ඇතැම් ප්‍රදේශවලට දැඩි වර්ෂාපතනයක් ලැබිය හැකි බවත් ඒ හේතුවෙන් මධ්‍යම ටෙක්සාස්හි ගංවතුර තත්ත්වය තවත් ඉහළ යා හැකි බවයි.

හදිසි ගංවතුර හේතුවෙන් කඳුකර රට සහ කොන්චෝ නිම්න ප්‍රදේශ සඳහා ද ආපදා අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙන බවද පැවසේ.

Continue Reading

පුවත්

බහාලුම් නිදහස් කිරීමේ කේස් එකට රේගු අධ්‍යක්ෂ ජනරාල් කොටු වෙයි?

Published

on

By

පසුගිය කාලයේ දැඩි ආන්දෝලනයට ලක්වූ බහලු‍ම් 323 නිදහස් කිරීමේ සිද්ධියට අදාළව පවත්වන ලද පරීක්ෂණයේ වාර්තාව අනුව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා තමන්ගේ බලතල ඉක්මවා ක්‍රියා කර බහලු‍ම් මුදාහැර ඇති බව පාර්ලිමේන්තුවේදී සජබ මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රකාශ කළේය.

ඒ සමඟ ඔහු විසින් අදාළ පරීක්ෂණ වාර්තාව ද සභාගත කරනු ලැබීය. එම වාර්තාව අනුව නිදහස් කරන ලද බහලු‍ම් සංඛ්‍යාව 323 ක් නොව 309 කි. එයින් බහලු‍ම් 151 ක් රතු ලේබල යටතේ ඉදිරිපත් වුවද එයින් 37 ක් විධිමත් නීතිමය ලෙස පරීක්ෂාවට ලක් නොකර නිදහස් කර ඇති බවද ඔහු සඳහන් කළේය. එම තීරණය ගැනීමට පෙර බහලු‍ම් 2 කලින්ම නිදහස් කර යවා ඇති බව ද මන්ත්‍රීවරයා පැවසීය.

පවත්නා රේගු නීතිය අනුව රතු ලේබල් ගැසූ බහලුම් නිදහස් කළ යුත්තේ භෞතික පරීක්ෂාවකින් සහ ස්කෑන් පරීක්ෂාවකින් පසුව බවද අදාළ වාර්තාවේ සඳහන් වන බව වාර්තා වේ.

මූලාශ්‍රය – දේශය

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved