Connect with us

පුවත්

අපෙන් පාඩමක් ඉගෙන ගන්න

Published

on

මෙරට අසීමිත බලයක් ලැබුණු හැම ආණ්ඩුවක්ම කෙටි කාලයක් තුළ ඇද වැටුණු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (18) මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

“අපට ඔවැනි බලයක් ලැබුණා…. අපට වෙච්චි කාරණාවලිනුත් පාඩම් ඉගෙන ගෙන, මෛත්‍රීපාල සිරිසේන මහතාට වෙච්චි දෙයිනුත් පාඩම් ඉගෙන ගෙන, 2015 මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට වෙච්චි දෙයිනුත් පාඩම් ඉගෙන ගන්න. මොකද මේ හැම තුනෙන් දෙකේ ආණ්ඩුවක්ම වැටුණා. මේ අසීමිත බලයක් ලැබිච්ච හැම ආණ්ඩුවක්ම කෙටි කාලයකින් වැටිලා තියෙනවා. ඉතින් මෙතුමන්ලා ඒ සියලු දේවලින් පාඩම් ඉගෙන ගෙන රටේ දේශපාලන ස්ථාවරභාවය වෙනුවෙන් කටයුතු කරයි කියලා මම හිතනවා”

පුවත්

ජනපති හා කොළඹ මහනගර සභාවට තේරුණ ස්වාධීන කණ්ඩායම් අතර සාකචඡාවක් 

Published

on

By

මෙවර පළාත් පාලන ආයතන ඡන්දයෙන් කොළඹ මහ නගර සභාවට තරගකර තේරී පත්වූ ස්වාධීන කණ්ඩායම් මෙන්ම කුඩා කණ්ඩායම්වල සභිකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඒ ඊයේ (19) පස්වරුවේදීය.

ජාතික ජන බලවේගයේ පැලවත්ත පක්ෂ මූලස්ථානයේදී මෙම සාකච්ඡාව පවත්වා ඇතැයි පැවසේ.

Continue Reading

පුවත්

ලුණු හිඟය බේකරි නිෂ්පාදනවලටත් බලපායි

Published

on

By

ලුණු හිඟය හේතුවෙන් තම කර්මාන්තයට බලපෑම් එල්ලවී ඇති බව බේකරි හිමියන් පවසයි.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා සඳහන් කළේ ලුණු ගැටලුව පිළිබඳ අමාත්‍යවරයාවද දැනුවත් කර ඇති බවය.

“මේ වනවිට ලුණු පිළිබඳ විශාල ප්‍රශ්නයක් මතුවෙලා ඇතිවෙලා තියෙනවා. අමාත්‍යවරයාත් අපි දැනුවත් කරලා තියෙනවා. අමාත්‍යවරයා කිව්වා අපට අවශ්‍ය ප්‍රමාණය ලබාදෙනවා කියලා. ඒ බලාපොරොත්තු ඇතුව තමයි මේ ඉන්නේ මොකද බේකරිවලට ඕනේ ලුණු කැට නෙමයි ගොඩක් පාචිච්කරන්නේ ලුණු කුඩු. ලුණු කුඩුවල හිඟියක් තමයි තියෙන්නේ. පංගුවක් බේකරි නිෂ්පාදන සඳහා ලුණු කුඩු අවශ්‍ය වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ලබන සතිය වෙනකොට මේ ප්‍රශ්නය විසඳෙයි කියලා.” 

Continue Reading

පුවත්

මර්වින්, ප්‍රසන්න ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

Published

on

By

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු පස්දෙනෙකු එළැඹෙන 26 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

ඒ ඔවුන් අද (19) මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

කිරිබත්ගොඩ පිහිටි ඉඩම් නඩු සිද්ධියට අදාළව ඔවුන් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved