මෙරට අසීමිත බලයක් ලැබුණු හැම ආණ්ඩුවක්ම කෙටි කාලයක් තුළ ඇද වැටුණු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි.
නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (18) මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
“අපට ඔවැනි බලයක් ලැබුණා…. අපට වෙච්චි කාරණාවලිනුත් පාඩම් ඉගෙන ගෙන, මෛත්‍රීපාල සිරිසේන මහතාට වෙච්චි දෙයිනුත් පාඩම් ඉගෙන ගෙන, 2015 මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට වෙච්චි දෙයිනුත් පාඩම් ඉගෙන ගන්න. මොකද මේ හැම තුනෙන් දෙකේ ආණ්ඩුවක්ම වැටුණා. මේ අසීමිත බලයක් ලැබිච්ච හැම ආණ්ඩුවක්ම කෙටි කාලයකින් වැටිලා තියෙනවා. ඉතින් මෙතුමන්ලා ඒ සියලු දේවලින් පාඩම් ඉගෙන ගෙන රටේ දේශපාලන ස්ථාවරභාවය වෙනුවෙන් කටයුතු කරයි කියලා මම හිතනවා”