Connect with us

පුවත්

“අපේ සද්ධන්ත ඇතාව දණගස්සලා රනිල් වික්‍රමසිංහ මහත්තයා ගත්තා ගෑස් බැරල් එකක්”

Published

on

ජනතා විමුක්ති පෙරමුණ යනු මේ රට විනාශ කළ කොට්ඨාසයක් බවත්, ඒ හේතුවෙන් තමාට දේශපාලන වශයෙන් ඔවුන් සමඟ විශාල වෛරයක් තිබෙන බවත් සමගි ජන බලවේගය පක්ෂයේ ජනාධිපතිවරණ මෙහෙයුම් ප්‍රධානී එම පක්ෂයේ උප සභාපති සුජීව සේනසිංහ මහතා පවසයි.

ඔහු මෙම අදහස් පල කළේ, අද (17) බණ්ඩාරගම පැවති සමඟි ජන බලවේගයේ ජන රැළියක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ,

“මේ රට විනාශ කරපු කොට්ඨාසයක් තමයි ජෙවීපි එක කියන්නේ. පෞද්ගලික තරහක් නෑ. හැබැයි දේශපාලන වශයෙන් ලොකු තරහක් තියෙනවා මේ කරපු විනාශෙට. ජේවීපී එක නැති කරලා තියෙනව මේ රටට් ජීවිත සහ දේපළ ඩොලර් බිලියන 250කට වැඩිය.හැම ආණ්ඩුවකටම ජැක් එක ගහලා චන්දිකාට, මහින්දට, සිරිසේනට, ෆොන්සේකාට, රනිල්ට ඔක්කොටම ජැක් එක ගහලා දැන් කියනව 70 වසරක සාපය 225ම එකයි කියලා. මුනුත් ඉන්නවා 225 ඇතුළේ. උන් ක්යන්නේ නෑනේ 221ම එකයි කියලා. 225 එකයි කියලා හිනාවෙලා උනුත් ඉන්නවා ඒ පුටුවෙම. අර අපේ සද්ධන්ත ඇතාව දණගස්සලා රනිල් වික්‍රමසිංහ මහත්තයා ගත්තා ගෑස් බැරල් එකක්. මට මතක් වෙන්නේ රනිල් වික්‍රමංහ මහත්තයා ගෑස් බැරල් එක දැක්කම කලිසමයි කෝට් එකයි ඇන්ඳම කෙලින් දෙකම එකට එන්නේ නෑ. ඕන පැත්තකට හරවන්න පුළුවන්. “

පුවත්

උපුල්දෙණිය නැවතත් රිමාන්ඩ්

Published

on

By

වැඩතහනමට ලක්ව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා එළඹෙන ජූලි 9වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කර තිබේ.

ඒ, අදාළ නඩුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ (25) අද කැඳවූ අවස්ථාවේදීය.

ජනාධිපති සමාව අවභාවිතා කරමින් අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි වරදකරුවකු පොදු සමාව යටතේ නිදහස් කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගැනුණේ පසුගිය ජූනි 09 වන දිනය.

කෙසේවෙතත්, සිද්ධියට අදාළව අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා ඇප මත මුදා හැරීමට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය පසුගියදා (23) නියෝග කලේය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

පාසල් වලට ඩෙංගු මැඬලීමේ දිනයක්

Published

on

By

මේ දිනවල පැතිර යන ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තිය අවම කිරීමේ අරමුණින් දිවයිනේ සියලු පාසල්වල ඩෙංගු මැඬලීමේ වැඩසටහනක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සහ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය එක්ව ජූලි 09වන දා සංවිධානය කර තිබේ.

“Clean Sri Lanka Day” නමින් නම් කර තිබෙන මෙම වැඩසටහනෙහි සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡාවක් අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්විණි.

රෝග ව්‍යාප්තිය වැළැක්වීම, මදුරුවන් බෝවන ස්ථාන හදුනා ගෙන ඒවා ඉවත් කිරීම ඇතුළු ක්‍රියාකාරකම් රැසක් එදින සිදු කෙරෙන අතර පාසල් දරුවන් තුළ පාරිසරික, සමාජීය හා ආකල්පමය පරිවර්තනයක් ඇති කිරීම ඉන් අරමුණු කෙරේ.

එමෙන්ම, මීට සමගාමිව මෙරට පාසල් 10,096ම ආවරණය වන පරිදි චිත්‍ර, පොස්ටර් ප්‍රදර්ශන, නාට්‍ය සංස්කෘතික සහ සංගීතමය අංග මෙන්ම දැනුවත් කිරීමේ දේශන ඇතුළු ක්‍රියාකාරකම් සිසුන් සහ ගුරුවරුන්ගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට සැලසුම් කර තිබෙන බවද මෙහිදී සඳහන් කෙරිණි.

සෞඛ්‍ය අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ ආයතන, ශ්‍රී ලංකා පොලීසිය, ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ  ආණ්ඩුකාර කාර්යාලවල සහායද මේ සඳහා ලබා ගැනීමට අපේක්ෂා කෙරේ.මෙම වැඩසහටන ඉදිරියේදී විද්‍යා පීඨ හා වෘත්තීය අධ්‍යාපන ආයතනවලද ක්‍රියාත්මක කිරීමට නියමිතය.

අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව, අතිරේක ලේකම් උදාරා දික්කුඹුර යන මහත්ම මහත්මීහුද, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) පූජ්‍ය කොහෙල්වල විපස්සී ස්වාමීන් වහන්සේද, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ (සමාජීය) කපිල සෙනරත් මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading

පුවත්

රාජ්‍ය සේවයට අලුත් බඳවා ගැනීම් 30,000ක්

Published

on

By

රාජ්‍ය සේවයට අලුතින් තිස් දහසක් බඳවා ගැනීම මේ වනවිට ආරම්භ කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි.

රාජ්‍ය සේවයට එක්වර මෙවැනි විශාල පිරිසක් බඳවා ගැනෙන්නේ වසර 7 කට පමණ පසුව වීම විශේෂත්වයකි.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා සඳහන් කර ඇත්තේ රාජ්‍ය පරිපාලන සේවය, සැලසුම් සේවය, විද්‍යාත්මක සේවය ඇතුළු මාණ්ඩලික තනතුරු රැසකටද මෙහිදී බඳවා ගැනීම් සිදු කරන බවය.

මීට අමතරව කළමණාකාර සහකාරවරුන්, ග්‍රාම නිලධාරීවරුවන් ඇතුළු රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු රැසක් සඳහාද සුදුස්සන් බඳවා ගැනෙනු ඇති බවද වාර්තා වේ.

අමාත්‍යවරයා පවසා ඇත්තේ, සියලු බඳවා ගැනීම් තරග විභාග පවත්වා සිදු කරන බවය

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved