පුවත්

අමරවීර වී ගන්න සල්ලි ඉල්ලයි !

Published

on

2022/23 මහ කන්නයේ වී  අලෙවි මණ්ඩලය මගින්  වී මිල දී ගැනීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් හෝ ප්‍රධාන රාජ්‍ය බැංකු දෙක මගින් හෝ සාධාරණ පොලී අනුපාතයක් මත අවශ්‍ය මුදල් ලබා දෙන ලෙස ඉල්ලා කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය  මහින්ද අමරවීර මහතා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.

එම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවම මේවන විට අමාත්‍යවරයා විසින් අත්සන් තබා ඇති අතර ලබන සතියේ දී එය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පැවසේ.

හෙක්ටෙයාර්  හත්ලක්ෂ හැත්තෑදහසක මෙවර මහ කන්නයේ දී මේ වනවිට වී වගා කර තිබේ.

Trending

Exit mobile version