පුවත්

අම්බානිගේ පොඩි පුතා ලෝකෙටම කියා දින 3ක මගුල් කන්න සැරසෙයි!

Published

on

ආසියාවේ ලොකුම ධනවතා ලෙස සැලකෙන ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානිගේ බාල පුත්‍රයාගේ විවාහ මංගල්‍යය වෙනුවෙන් චාරිත්‍රානුකූල පූර්ව මංගලෝත්සවයක් ලබන මාර්තු මස මුල් භාගයේදී දින 3ක් පුරා ගුජරාට් ප්‍රාන්තයේ පැවැත්වීමට සැලසුම් කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

මුකේෂ් අම්බානිගේ බාල පුත්‍රයා වන 28 හැවිරිදි ආනන්ද් අම්බානිගේ සහ 29 හැවිරිදි රාධිකා මර්චන්ට් යුවළ පසුගිය 2022 වසරේ දෙසැම්බරයේදී විවාහ ගිවිස ගත් අතර, ඉන්දියාවේ ප්‍රකට ඖෂධ සමාගමක හිමිකරු වන විරේන් මර්චන්ට්ගේ දියණිය රාධිකා සහ ආනන්ද්ගේ විවාහ උත්සවය නිල වශයෙන් පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන ජූලි මාසයේදී බව ද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

දින තුනක් පුරා පැවැත්වීමට නියමිතව ඇති දෙදෙනාගේ පූර්ව මංගලෝත්සවය සඳහා ලොව පුරා ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන් ඇතුළු අමුත්තන් 37 දෙනකුට ඇරියුම් කර ඇතැයි ද වාර්තා වේ. 

එම ලැයිස්තුව මේ වන විට ජාත්‍යන්තර වශයෙන් වැඩි අවධානයට ලක් වී තිබේ. 

ඒ අතර බිල් ගේට්ස්, මාක් සකර්බර්ග් ඇතුළු ලොව නොම්මර එකේ ධනවතුන් ද සිටින බව වාර්තා වේ.

Trending

Exit mobile version