පුවත්

අමාත්‍යාංශ ලේකම්වරු අද මැතිවරණ කොමිසමට

Published

on

සියලු කැබිනට් අමාත්‍යාංශවල ලේකම්වරුන් සහ පළාත් ප්‍රධාන ලේකම්වරු අද (06) මැතිවරණ කොමිසම හමුවට කැඳවා තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා ප්‍රකාශ කළේ, රාජ්‍ය දේපොළ අවභාවිත කිරීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් ලේකම්වරුන් සමග සාකච්ඡා කරන බවය.

රාජ්‍ය දේපොළ අවභාවිත කිරිම පිළිබඳව පැමිණිලි ලැබි ඇතැයි ද සභාපතිවරයා ප්‍රකාශ කලේය.

මේ අතර අමාත්‍යාංශවල දේපොළ භාරව සිටින අතිරේක ලේකම්වරුන් සහ ඒවා භාරව සිටින නිලධාරීන්ද අද මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවා තිබේ.

සභාපතිවරයා සඳහන් කළේ, රාජ්‍ය සංස්ථාවල සභාපතිවරුන් ද අද (06 ) මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවා ඇති බවය.

Trending

Exit mobile version