පුවත්

අමාත්‍යාංශ ලේකම්වරු සහ සංස්ථා සභාපතිවරු මැතිවරණ කොමිසමට

Published

on

සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් සහ සංස්ථා සභාපතිවරුන් අද (16) සාකච්ඡාවක් සදහා මැතිවරණ කොමිෂන් සභාව වෙත කැදවා තිබේ.

එහි සභාපති ආර්. එම්.ඒ.එල්. රත්නායක කියා සිටියේ, ලබන මස 14 වනදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව සිදු කෙරෙන සාකච්ඡා සදහා ඔවුන් මෙලෙස කැදවා ඇති බවය.

මේ අතර, නිල වශයෙන් සියලු අපේක්ෂකයින්ට මනාප අංක ලබාදීමේ කටයුතුද අද සිදු කෙරේ.

මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයෙකු ඡන්දදායකයෙකු වෙනුවෙන් වැය කළ හැකි මුදල් සීමාව පිළිබඳව ගැසට් නිවේදනය අද හෝ හෙට නිකුත් කිරීමට නියමිතය.

Trending

Exit mobile version