පුවත්

අමානුෂික ලෙස දරුවෙකුට පහරදුන්නාට කතුන් 4ක් අත්අඩංගුවට

Published

on

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ දරුවෙකුට පහර දීමේ විඩියෝ දර්ශනයකට අදාළව කාන්තාවන් සිව් දෙනෙකු අරණායක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ති‍බේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දරුවාගේ මව ඇතුළු කාන්තාවන් සිවුදෙනකි.

පහර කෑමට ලක්ව ඇත්තේ අවුරුදු  06ක පිරිමි දරුවෙක් ය.

සැකකාරියන් මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත වන අතර, පහර කෑමට ලක්වූ දරුවා මාවනැල්ල අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගෙන ඇත.

Trending

Exit mobile version